බඩ­ග­මුව රක්ෂි­තයේ අන­තු­රින් 2ක් දැඩි සත්කාර ඒක­කයේ | දිනමිණ

බඩ­ග­මුව රක්ෂි­තයේ අන­තු­රින් 2ක් දැඩි සත්කාර ඒක­කයේ

මඩකලපුව සිට කොළඹ දක්වා ගමන කරමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් හා ටිපර් රථයක් ඊයේ (16) කුරුණෑගල බඩගමුව රක්ෂිතය අසල දී මුහුණට මුහුණලා ගැටීමෙන් හතර දෙනෙකු ද තුවාල ලබා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත. ඉන් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. මෙසේ අනතුරට පත්ව ඇත්තේ කුරුණෑගල සිට දඹුල්ල දෙස ගමන්ගත් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක් හා මඩකලපුවේ සිට කොළඹ දක්වා ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයකි. අනතුරෙන් සුළු තුවාල ලැබූ කාන්තාවක සහ රියදුරු කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබති. කුරුණෑගල රථ වාහන අංශය පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

නව අදහස දක්වන්න