හේන් ක්‍රමය නැති වෙයිද | දිනමිණ

හේන් ක්‍රමය නැති වෙයිද

අතීත මිනිසාගේ ජන ජීවිතය ඉතාම සුන්දර හා සරල එකක් විය. ඒ තුළ මහත් බලාපොරොත්තු ගොන්නක් නොවීය. සරල චාම් දිවි පෙවෙතක අව්‍යාජ බව පැහැදිලිව දිස්විය.

එදා ගැමි ජීවිතයේ හේන් ගොවිතැනට ප්‍රමුඛ තැනක් හිමිවිය. ගැමියාගේ ප්‍රධාන ජීවනෝපායම එයද විය. එම ජීවනෝපාය ස්වභාව ධර්මයා හා බැඳුණු එකක් වූ අතර ඒ තුළ සතා සිවුපාවෙකුට ජීවත්වීමේ අයිතිය සුරක්ෂිතම විය.

පාරම්පරික හේන් ගොවියා තම ගොවිතැන් ක්‍රමය සකස් කරගෙන තිබුණේ ස්වභාව ධර්මයට අනුව කල් යල් බලාය. වැස්ස වලාහක දෙවියන් අහස් ගැබ සිසාරා මහ පොළොව සිපගැනීමට ප්‍රථමව කැලෑ එළි පෙහෙලි කර ගොවිතැනට අවශ්‍ය පරිසරය සකස්කර ගැනීම ගොවියා විසින් කරගන්නා ලදී.

කල් යල් බලා වැසි කාලයත්, නියඟයත් යන ස්වභාවික නියමයන්ට ගැළපෙන ලෙස සමබරව අපූරුවට තම බෝග වගාවන් අස්වැද්දා ගැනීමට ඔවුහු ඉතා සූරවූහ.

හේන් ගොවිතැන තුළ තම ආහාරයට අවශ්‍ය ස්වයංපෝෂිත ජීවන ක්‍රමයක් නිර්මාණය වූ අතර පළිබෝධනාශක භාවිතය නොමැති තරම්ය. බොහෝ විට පළිබෝධ නාශක වෙනුවට කැළේ සතුන් පළවා හැරීමට විවිධ කෙම් ක්‍රම සහ ස්වාභාවික විෂබීජනාශක වර්ග බෝග වලට භාවිතා කළහ.

කාලයාගේ ඇවෑමෙන් ශීඝ්‍ර ජනගහනය හේතුවෙන් පාරම්පරික ගොවිතැන් වර්තමානයේ ගොවියාගෙන් ඈත්වී යන ආකාරයක් දක්නට ලැබේ.

එදා මෙන්ම නොව හේන් ගොවිතැනට අවශ්‍ය ඉඩකඩ සීමාසහිත වීම තුළ සහ සමහර කැළෑ එළි පෙහෙළි කිරීමේ නීති රීති මත අද දවසේ බොහෝ දෙනෙක් ගොවිතැනින් ඈත් වී තිබේ.

ඉතා සුන්දර අවිහිංසක ජන ජීවිතයකට හුරු පුරුදුවූ සමාජ කොට්ඨාසයක් වශයෙන් අපගේ මුතුන් මිත්තන් බිහිකළ හේන් ගොවිතැන ඉතිහාසයටම එක්වනු නොඅනුමානය.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය

 

නව අදහස දක්වන්න