ඇන­ගත්තු වර්ජ­නය! | දිනමිණ

ඇන­ගත්තු වර්ජ­නය!

පෞද්ග­ලික බස් සංගම් කිහි­ප­යක් විසින් පව­ත්වන ලද වර්ජ­නය රටට දැනුණේ නැත. එබැ­වින් එය හැඳි­න්විය හැක්කේ අසා­ර්ථක වර්ජ­න­යක් ලෙස ය. නැත­හොත් බස් සංගම් ඇන­ගත්තු වර්ජ­න­යක් හැටි­ය­ටය. බස් සංග­ම්වල සභා­ප­තිලා, ‍ලේකම්ලා කුමන කයි­වාරු ගැසූ­වද පළාත් නම­යෙන් පළාත් හතක කුමන හෝ වර්ජ­න­යක් පැවැ­තියේ නැත. ඇතැම් පළා­තක වෙන­දා­ටත් වඩා හොඳින් බස් ධාව­නය විය. ලංග­මය මේ දින­වල සක්‍රීය බැවින් ගැට­ලුව තව­දු­ර­ටත් නිරා­ක­ර­ණය වී තිබිණි. ඇතැම් බස් හිමියෝ ඉහත වර්ජ­න­යට කෙළින් ම විරෝ­ධය පෑහ. වර්ජ­නය තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක බව කියන නමුදු පාර­ව­ල්වල බස් දුවයි. එය හොඳ ප්‍රව­ණ­තා­වකි.

එක්තරා බස් හිමි­යකු රූප­වා­හි­නි­යට ප්‍රකා­ශ­යක් ලබා දෙමින් කියා සිටියේ උසස් පෙළ සිසුන් ද දුෂ්ක­ර­තා­වට පත්ක­ර­මින් ආරම්භ කළ බස් වර්ජ­නය හිතු­ව­ක්කාරී එකක් බව ය. තවත් බස් හිමි­යෙක් කියා සිටියේ මෙය කිහිප දෙන­කුගේ තීර­ණ­යක් බවය. මේ අතර ඉල්ලීම් අසා­ධා­රණ යැයි කියන අය ද, ගැට­ලුව සාකච්ඡා මාර්ග­යෙන් විස­ඳා­ගත හැකි යැයි කියන අය ද සිටිති. වර්ජ­ක­යන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ රථ­වා­හන සඳහා පැනවූ අලුත් දඩ ක්‍රමය වහා ම ඉවත් කරනු යන්න ය. එය කළ නොහැකි බව ප්‍රවා­හන අමා­ත්‍ය­ව­රයා ඉතා පැහැ­දි­ලිව කියා ඇත. දැන් වර්ජ­ක­යන් කියා සිටි­නුයේ ජනා­ධි­ප­ති­ව­රයා මීට මැදි­හත් විය යුතු බව ය. බොහෝ වර්ජ­ක­යන්ගේ අව­සන් ඉල්ලීම ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සාක­ච්ඡා­වකි. එය වර්ජන ප්‍රව­ණ­තා­වක් බවට පත් වැ තිබේ.

රටේ බොහෝ වැඩ වර්ජන ඇති­වන්නේ ඇත්ත හේතු - සාධක ඇතිව නො වේ. රටේ බොහෝ වැඩ වර්ජන නව­තින්නේ ද හේතු - සාධක ඇති ව නොවේ. වර්ජ­නය එක්තරා විහි­ළු­වක් බවට පත් වැ තිබේ. සම­හරු ආණ්ඩු­වට රිද­වී­මට හා පහර ගැසී­මට වැඩ වර්ජන ආරම්භ කරති. තව සම­හරු විවිධ දේශ­පා­ලන වුව­මනා මත වැඩ වර්ජන කරති. තවත් සම­හරු වෘත්තීය සමි­ති­වල බලය පෙන්වීම සඳහා වර්ජන කරති. වර්ජ­න­ව­ලින් ආණ්ඩුව මට්ටු කළ නොහැකි බව ජනා­ධි­ප­ති­ව­රයා ඉතා පැහැ­දි­ලිව කියා ඇත. සෑම වර්ජ­න­ය­කින් ම පීඩා­වට පත්වන්නෝ ජන­තාව ය. විශේ­ෂ­යෙන් දුප්පත් - අහිං­සක ජන­තාව ය. ඒ අනුව පෙනී යන්නේ වර්ජ­ක­යන් දුප්පත් අහිං­සක ජන­තා­ව­ගෙන් පළි­ගන්නා බවකි.

අප මීට පෙර කතු­වැ­කි­යක ද සඳ­හන් කළ පරිදි රථ­වා­හන සඳහා වූ අලුත් දඩය ප්‍රවා­හන ක්ෂේත්‍රයේ විශේ­ෂ­ඥ­යන්ගේ යෝජ­නා­වකි. මෙහි මූලික අර­මුණ වන්නේ රථ­වා­හන අන­තුරු අව­ම­කොට මහ පාරේ වින­යක් ඇති කිරීම ය. මේ සම්බ­න්ධ­යෙන් පැවැත්වූ මූලික සාක­ච්ඡා­ව­ලට බස් සංග­ම්වල නියෝ­ජි­ත­යන් පවා සහ­භාගි වී ඇත. ඔවුන් සියලු දෙනාගේ මතය වී ඇත්තේ මේ ක්‍රමය සුදුසු එකක් බව ය. 2005 ට පසු රථ­වා­හන සම්බන්ධ දඩ ක්‍රමය වෙනස් වී නැත. නව ක්‍රමය හඳුන්වා දී ඇත්තේ වසර දහ­තු­න­කට පසුව ය. මීට එරෙහි විරෝ­ධ­තාව මතු­වන්නේ නීතිය හඳුන්වා දී ක්‍රියා­ත්ම­ක­කොට තවත් කාල­යක් ගෙවී ගිය පසු ය. වර්ජ­ක­යන්ගේ සැබෑ අර­මුණ එයින් ද පැහැ­දිලි වනු ඇත.

වර්ජ­ක­යන් කියන - කියන පිළි­වෙ­ළට රටක පාල­නය ගෙන යා නො හැකි ය. වර්ජ­ක­යන්ගේ සියලු ඉල්ලීම් ද ලබා දිය නො හැකි ය. ඇතැම් වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ තමන්ගේ වෘත්තිය පම­ණක් රටේ පව­තින බවක් සිතා­ගෙන ය. රට මුහුණ දී ඇති ආර්ථීක අර්බු­දය ගැන හැඟී­මක් කිසිදු වෘත්තීය සමි­ති­ය­කට නැති බව ද පෙනෙයි. ඇතැම් වෘත්තීය සමිති සටන් වදින්නේ තමන්ගේ විෂය ක්ෂේත්‍ර­යට අදාළ ප්‍රශ්න පසෙක තබා දේශ­පා­ලන ප්‍රශ්න ඉස්මතු කර­මින් ය. දේශ­පා­ලන ප්‍රශ්න වෙනු­වෙන් කතා කිරීමේ අයි­ති­යක් වෘත්තීය සමි­ති­ව­ලට තිබේ. එය ඕනෑ ම පුර­වැ­සි­ය­කුට හිමි අයි­ති­වා­සි­ක­මකි. එහෙත් එම අයි­ති­වා­සි­කම මත පද­නම් ව ආණ්ඩු­වක කට­යු­තු­ව­ලට බල­පෑම් කිරීමේ හැකි­යා­වක් වෘත්තීය සමි­ති­ව­ලට නැත. දැන් අපේ වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ රටේ පාල­නය ඔවුන් අතට ගැනී­මට මෙන් ය.

දැන් පව­තින බස් වර්ජ­නය තනි­කර ම හිතු­ව­ක්කාරී ක්‍රියා­වකි. ඇතැම් බස් සංගම් මේ වර්ජ­නය ගැන නො දන්නා බව ද කියති. එහි අර්ථය වන්නේ කිහි­ප­දෙ­න­කුගේ වුව­ම­නාව මත වර්ජ­නය ක්‍රියා­ත්මක වන බව ය. වර්ජ­නය සම්බ­න්ධ­යෙන් සියලු සංගම් සමඟ සාකච්ඡා කර නැත. එසේ සාකච්ඡා කළේ නම්; ඇතැම් සංගම් මීට විරුද්ධ වනු ඇත. වර්ජ­ක­යන් බල­හ­ත්කා­රය යොදා­ගන්නා බව ද පැහැ­දිලි ය. වර්ජ­නය අත­ර­තුර ධාව­නය කළ බස්රථ ගණ­නා­ව­කට ගල් ප්‍රහාර එල්ල වී ඇත. එය වර්ජ­ක­යන්ගේ ක්‍රියා­වක් බව අමු­තු­වෙන් කිව යුතු නැත. මෙලෙස ප්‍රහාර එල්ල කළ අය නීතිය හමු­වට පමු­ණුවා උප­රිම දඬු­වම් ලබා­දිය යුතු ය. එසේ නොවු­ණ­හොත් රටේ පාල­නය හෑල්ලු­වට ලක්වනු ඇත.

ප්‍රවා­හන ක්ෂේත්‍රයේ වැඩ වර්ජන සම්බ­න්ධ­යෙන් ප්‍රවා­හන අමා­ත්‍ය­ව­රයා අපූරු ප්‍රකා­ශ­යක් කර තිබේ. එම ප්‍රකා­ශ­යෙන් කියැ­වෙන්නේ අදාළ ක්ෂේත්‍රය තුළ දිගින් - දිගට ම වර්ජන පැවැ­ත්වී­මට ගිය­හොත් ජන­තාව ඊට පිළි­තුරු දෙනු ඇත යන්න ය. මේ වෘත්ති­කයෝ සිය­ලු‍ ­දෙනා ජන­තා­වගේ මුද­ලින් ජීව­ත්වන්නෝ වෙති. එහෙත් ඔවුන් පළ­මුව නොස­ලකා හරින පිරිස බවට පත් වී ඇත්තේ ද ජන­තා­වම ය. ජන­තාව ප්‍රාණ ඇප­යට ගැනීම හා ජන­තා­ව­ගෙන් පළි­ගැ­නීම වෘත්තීය සමි­ති­වල ද, බස් සංග­ම්වල ද, වෙනත් සංවි­ධා­න­වල ද ලාභ­දා­යක ප්‍රති­ප­ත්තිය වී තිබේ. ජන­තා­වගේ ඉව­සීමේ සීමා­වක් ඇති බව මේ අය වට­හා­ගත යුතු ය.

මේ වර්ජ­න­යෙ­න්වත් වර්ජ­ක­යන් පාඩ­මක් ඉගෙන ගන්නේ නම්; වැද­ගත් ය. දේශ­පා­ලන ඕනෑ - එපා­කම් මත හෝ උසි­ගැ­න්වීම මත වර්ජ­න­ව­ලට යෑම අනු­චිත ය. වෘත්තීය සමි­ති­වල හා සංග­ම්වල බලය පෙන්වී­මට වර්ජ­න­ව­ලට යෑම ද වැරැදි ය. ආණ්ඩු­වට රිද­වී­මට වර්ජන දියත් කළ ද ඉන් පීඩා­වට පත්වන්නේ ජන­තාව ය. දිගින් - දිගට ම ජන­තාව පීඩ­න­යට ලක්කි­රීම සෙල්ල­මක් නො වේ. විහි­ළු­වක් ද නොවේ. ජන­තාව පිළි­තුරු දෙන්නට පටන් ගත­හොත් ඉන් භයා­නක ප්‍රති­ඵල අත්විය හැකි ය. ලබන සඳුදා දුම්රිය වැඩ වර්ජ­න­යක් පැවැ­ත්වෙන බවට ද ආරංචි පැතිර යයි. දුම්රියේ වෘත්තීය සමිති ද අප කියන කරුණු සමා­ලෝ­ච­නය කර බලන්නේ නම්; වැද­ගත් ය.

බස් වර්ජ­නය සිය­යට අසූ­ව­කින් සාර්ථක යැයි වර්ජ­ක­යන් කියා සිටිය ද එවැ­න්නක් දකි­න්නට නැත. අපට පෙනෙන්නේ බස් සංගම් කිහි­ප­යක් වැඩ වර්ජ­න­ය­කට ගොස් ඇන­ගත්තු බව ය.


නව අදහස දක්වන්න

Or log in with...