ළමා ලේකම් කාර්යා­ලය දරු­වන් වෙනු­වෙන් සුවි­ශේෂී පිය­වර රැසක් ගෙන තිබෙ­නවා | දිනමිණ

ළමා ලේකම් කාර්යා­ලය දරු­වන් වෙනු­වෙන් සුවි­ශේෂී පිය­වර රැසක් ගෙන තිබෙ­නවා

බුද්ධිකා ඉඹුලාන

මුල් ළමා­වියේ දරු­වන්ගේ සමස්ත සංව­ර්ධ­නය තහ­වුරු කිරී­මට කට­යුතු කරන ජාතික ආය­ත­නය වන ළමා ලේකම් කාර්යා­ලය ඒ වෙනු­වෙන් සුවි­ශේෂී පිය­වර ගණ­නා­වක් ගෙන තිබෙන බව කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනී චන්ද්‍රානි බණ්ඩාර මහ­ත්මිය පැවැ­සු­වාය.

ඇමැ­ති­ව­රිය මේ බව පැවැ­සුවේ 'අරුණ දකින රටා– 2018' මුල් ළමා­විය දරු­වන්ගේ සිතු­වම් දැක්ම සහ ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­ව­යට සහ­භාගී වෙමිනි.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රිය මෙසේ ද පැවැ­සු­වාය.

'අරුණ දකින රටා' සිතු­වම් දැක්ම 8 වන වර­ටත් සාර්ථ­කව සංවි­ධාන කිරී­මෙන් පෙර පාසල් දරු­වන්, මවු­පි­යන් මෙන්ම පෙර පාසල් ගුරු­ව­රි­යන් මේ වැඩ­ස­ට­හන කෙරෙහි දක්වන උන­න්දුව හා කැප­වීම මනාව පෙන්නුම් කර­නවා. ඒ පිළි­බ­ඳව අප අමා­ත්‍යාං­ශය වෙනු­වෙන් ඔබ සියලු දෙනා­ටම මාගේ ස්තූතිය පිරි­න­ම­න්නට කැම­තියි. මුල් ළමා­වියේ දරු­වන්ගේ නිර්මා­ණා­ත්මක හැකි­යාව හඳු­නා­ගැ­නී­මත්, එම හැකි­යාව වැඩි­දි­යුණු කර­ගැ­නී­මත්, ඔවුන් දිරි­ගැ­න්වී­මත් මේ වැඩ­ස­ට­හනේ මූලික අර­මුණ වෙනවා.

මල් වැනි කුඩා දරු­වන්ගේ සිතුම් පැතුම්, සිහින හා බලා­පො­රොත්තු ඔවුන්ගේ සිතු­ව­ම්ව­ලින් අපට ඉදි­රි­පත් කර­නවා. මේ පිවි­තුරු හැඟීම් තේරුම් ගෙන ඔවුන්ගේ අනා­ග­තය පැහැ­බර හා ශක්ති­මත් කිරී­ම­ටත්, ඔවුන්ගේ සිහින සැබෑ කිරී­ම­ටත් වැඩි­හි­ටි­යන් වශ­යෙන් මෙන්ම රජ­යක් වශ­යෙන් අපි බැඳී සිටි­නවා. එම වග­කී­මෙන් ප්‍රධාන කොට­සක් කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය වෙත පැවරී තිබෙ­නවා. එම වග­කීම ඉටු­කි­රී­මට මගේ අමා­ත්‍යාං­ශය යටතේ දරු­වන් වෙනු­වෙන් කට­යුතු කරන පරි­වාස සහ ළමා රක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුව, ජාතික ළමා රක්ෂක අධි­කා­රිය සහ ළමා ලේකම් කාර්යා­ලය යන ආය­තන තුනක් පිහි­ටුවා තිබෙ­නවා. අද දවසේ මේ වැඩ­ස­ට­හන ඔබ වෙත ගෙන එන්නේ උපතේ සිට අවු­රුදු 5 දක්වා දරු­වන් වෙනු­වෙන් කට­යුතු කරන ළමා ලේකම් කාර්යා­ල­යෙන්.

මුල් ළමා­වියේ දරු­වන්ගේ සමස්ත සංව­ර්ධ­නය තහ­වුරු කිරී­මට කට­යුතු කරන ජාතික ආය­ත­නය වන ළමා ලේකම් කාර්යා­ල­යෙන් ඒ වෙනු­වෙන් සුවි­ශේෂී පිය­වර ගණ­නා­වක් ගෙන තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම මුල් ළමා­විය රැක­ව­ර­ණය හා සවං­ර්ධ­නය පිළි­බඳ ජාතික ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කිරීම, වයස අවු­රුදු 3-5 සඳහා මුල් ළමා­විය සංව­ර්ධන ප්‍රමිති හඳුන්වා දීම හා ක්‍රියා­ත්මක කිරීම, මුල් ළමා­විය සංව­ර්ධන ප්‍රමිති ඇසු­රෙන් ළමා තක්සේ­රු­ක­ර­ණය කිරීමේ වැඩ­ස­ට­හන, පෙර පාසල් ගුරු­ව­රි­යන්ට විෂය මාලා­වක් සකස් කිරීම, පෙර පාසල් දරු­වන්ට විෂය මාලා රාමුව සකස් කිරීම, ගැබිනි මව්ව­රුන්ට රුපි­යල් 20,000ක පෝෂණ දීම­නා­වක් ලබා­දීම ආදී වැඩ­ස­ට­හන් මෙහි දී විශේ­ෂ­යෙන්ම මතක් කළ යුතුයි.

රටේ අනා­ගත ජීව­නා­ලිය වන ළමා පර­පු­රට අත්ති­වා­රම සප­යන මූලි­කම අව­ධිය මුල් ළමා­වි­යයි. මේ සියලු කට­යුතු අතරේ දරු­වන්ගේ ආර­ක්ෂාව, රැක­ව­ර­ණය, සංව­ර්ධ­නය හා සුබ­සා­ධ­නය තහ­වුරු කිරී­ම­ටත් විශේෂ අව­ධා­න­යක් අප අද දිනයේ දී යොමු කළ යුතුයි. වර්ත­මා­නයේ දරු­වන්ට සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධ­න­යක් දක්නට ලැබෙ­නවා. එම නිසා ළමා පර­පුර ආරක්ෂා කිරීමේ වග­කීම අප අමා­ත්‍යාං­ශ­යට සහ රජ­යට පම­ණක් ඉටු කළ හැකි කාර්ය­යක් නොවේ. එය අප රටේ සමස්ත ජන­තා­ව­ගේම වග­කී­මක් වෙනවා. විශේ­ෂ­යෙන්ම මවු­පි­යන්, ගුරු­ව­රුන් වශ­යෙන් ඔබ සැම­ටත් විශාල වග­කී­මක් මේ වෙනු­වෙන් පැවරී තිබෙ­නවා. ප්‍රධාන වශ­යෙන්ම පවුලේ, පවුලේ සාමා­ජි­ක­යන් මෙන්ම සමී­ප­තම ඥතී­න්ගෙන් දරු­වන්ට වන හානි වළ­ක්වා­ගැ­නී­මට මවු­පි­යන් වශ­යෙන් ඉතාම අව­ධි­යෙන් කට­යුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ පිළි­බ­ඳ­වත් සියලු දෙනා­ගේම අව­ධා­නය යොමු කළ යුතුයි.

නව අදහස දක්වන්න