නාය යාමේ අවදානම තවදුරටත් | දිනමිණ

නාය යාමේ අවදානම තවදුරටත්

අධික වැසි සමග රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත‍්‍රික්ක සඳහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ, ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ බෑවුම් සහිත ප‍්‍රදේශවල මෙම නාය යාමේ අවදානම පවතින බව ය.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


නව අදහස දක්වන්න