කේරළයේ ගංවතුර: 44ක් දිවිදෙති | දිනමිණ

කේරළයේ ගංවතුර: 44ක් දිවිදෙති

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වසර සියයකට ආසන්න කාලයකට පසුව ඇද හැළෙන දැඩි මෝසම් වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මේ වන විට 44 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ ප්‍රදේශයට සතියක පමණ කාලයක් තිස්සේ අධික වර්ෂාව ක් ලැබෙමින් පවතින බවයි.

කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14කින් 12කට ගංවතුර බලපා ඇති බව ද ජලාශ 35ක් පිටාර ගැලීම නිසා ජලය මුදා හැරීමට සිදුවී ඇති බවද බලධාරීහු පවසති.

කොචී ගුවන්තොටුපළ සෙනසුරාදා දක්වා වසා තැබීමට තිරණය කර ඇති අතර 1924 වර්ෂයෙන් පසු ඇතිවූ දරුණුතම ගංවතුර මෙය බව මාධ්‍ය වාර්තා කරයි.

නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර ප්‍රාන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන කෝපි හා කුළුබඩු වගාවන්ට දැඩි ලෙස හානි සිදුවී ඇත.

ඉන්දියාවේ 72 වැනි නිදහස් දින සැමරුම පෙරේදා පැවැති අතර එහිදී ජාතිය ඇමැතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ගං වතුරෙන් විපතට පත් කේරළ ජනතාව වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.


නව අදහස දක්වන්න

Or log in with...