මැඩෝනාට 60යි | දිනමිණ

මැඩෝනාට 60යි

සුප්‍රකට ගායිකා මැඩෝනා ඊයේ (16) හැට වැනි වියට පා තැබුවාය. මැඩෝනා වසර 35 කසංගීත දිවිය තුළ වැදගත් සන්ධිස්ථාන රැසක් පසුකළ තැනැත්තියකි.

1983 වසරේ අතිශය ජනප්‍රියත්වයට පත් සිය පළමු ගීත ඇල්බමයෙන් අනතුරුව ලොව වටා සංගීතමය චාරිකා 10ක යෙදුනු ඇගේ ගීත ඇල්බම මිලියන 300ක් ලොව පුරා අලෙවි විණි.

එය මෙතෙක් වැඩිම අලෙවි වාර්තා තැබූ ගායිකාව ලෙස ගිනස් ලෝක වාර්තා අතරට ද එක් විය.

එක්සත් රාජධානිය තුළ, වෙනත් කවර ගායිකාවකටත් වඩා අංක එකට පැමිණි ගීත ඇල්බම වැඩි ම ප්‍රමාණයක් හිමි ශිල්පිනිය ඇය වන අතර මැඩෝනා ගේ ගීත ඇල්බම 12ක් අංක එක ස්ථානය හිමි කරගෙන ඇත. ඊට වැඩි ප්‍රමාණයක හිමිකම ඇත්තේ බීට්ල්ස් සංගීත කණ්ඩායමට හා ගායන ශිල්පී එල්විස් ප්‍රෙස්ලි ට පමණි.

පසුගිය වසරේදී ෆොර්බ්ස් ඇස්තමේන්තුවට අනුව මැඩෝනා ගේ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 580 කි. මේ තුළ ඇය ඇමෙරිකාවේ සිටින ධනවත් ම ගායන ශිල්පිනිය වන අතර දෙවැනි තැන සිටින සෙලින් ඩියෝන් අභිබවා යන්නේ ඩොලර් මිලියන 200 කිනි.


නව අදහස දක්වන්න

Or log in with...