රේල් පාරට පස් - උඩරට දුම්රියට බාධා | දිනමිණ

රේල් පාරට පස් - උඩරට දුම්රියට බාධා

හැටන් හා කොටගල දුම්රිය ස්ථානයන් අතර දුම්රිය මාර්ගයට සිඟීමලේ ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් පෙරේදා (18) දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

දුම්රිය මාර්ගයේ 109 වන සැතපුම් කනුව අසල පිහිටි සිඟීමලේ බිංගෙය ආසන්නයේදී මේ පස්කන්ද වැටී තිබුණු අතර පැවැති අධික වර්ෂාව මැද්දේම දුම්රිය සේවකයන් විසින් පස්කන්ද ඉවත්කොට දුම්රිය ධාවනයට සුදුසු ලෙස මාර්ගය විවර කර දෙන ලදී.

උඩරට දුම්රිය මාර්ගයේ බොහෝ ප්‍රදේශවල අධික මීදුම් තත්ත්වයක්ද මේ දිනවල හටගෙන පවතී.

නුවරඑළිය සමූහ - සී. මහගම

නව අදහස දක්වන්න