පංචාවාස විහාරයේ ගල් තලාව පුපුරවන්න ආ නිදන් හොරු කොටු වෙති | දිනමිණ

පංචාවාස විහාරයේ ගල් තලාව පුපුරවන්න ආ නිදන් හොරු කොටු වෙති

මධ්‍යම රාත්‍රියේදී මහවැලි සී කලාපයේ හෙනානිගල ඓතිහාසික පංචාවාස විහාරස්ථාන භූමියේ ගල් තලාවක ගලක් පුපුරවා නිධානයක් ගැනීමට තැත්කරමින් සිටි බවට සැක කෙරෙමින් සිටි කණ්ඩායමක කට්ටඩි ගුරා සහ තවත් අයකු අත්අඩංගුවට පත්කර ගැනීමට දෙහිඅත්තකණ්ඩියේ පොලිස් නිලධාරීහු සමත් වූහ.

සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 14දා මධ්‍යම රාත්‍රී දෙකට පමණය. කට්ටඩි ගුරා ලෙස හඳුන්වාගත් පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේ පදිංචි 51 වියැති විවාහකයකු වන අතර අනිත් පුද්ගලයා ගම්පහ ප්‍ර දේශයේ පදිංචි 25 වියැති අවිවාහකයෙකි. මෙම කටයුත්ත සඳහා ම මොවුන් මෙම ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති බවටත් පොලීසිය කඩා පනින විට මෙම කණ්ඩාමෙන් කිහිප දෙනෙක් පැනගොස් ඇති බවටත් පොලීසිය සැක කෙරේ.

සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මසේත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේත්ස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියගේ නියෝගය පරිදි මේ මස 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමර ගුණරත්න


නව අදහස දක්වන්න

Or log in with...