පාර පැත්තක විදුලි රැහැන් වෙන පැත්තක | දිනමිණ

පාර පැත්තක විදුලි රැහැන් වෙන පැත්තක

විහාරාධිපති - මැටිතොටමුල්ලේ පේමරතන නාහිමි

ගමකට මුලින්ම අවශ්‍ය පාරද? විදුලියද? යන්නට හරි‍හමන් පාරක් නැතිව ගමකට මුලින්ම විදුලිය සැපයීම නිසා පසුව ලැබුණු, පාර පුරා අවුරුදු පනහකට කිට්ටු කාලයක් තිස්සේ අඳුරේ තිබෙන පුවතක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඩගමුව ඒපාමුල ග්‍රාමසේවා වසමෙන් වාර්තාවෙයි.

උඩගමුව රජමහා විහාරය අසලින් ඒපාමුල ගම්මානය හරහා හීන්දෙණිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානයට යන පාරේ ගෙයක් දොරක් නැති හුදෙකලා කොටස මෙසේ අඳුරේ තිබීමට හේතු කවුරුදැයි අපදඩගමුව රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය මැටිකොටමුල්ලේ පේමරතන හිමියන්ගෙන් විමසීමු.

“ඒපාමුල ගමට විදුලිය දුන්නේ මට මතක හැටියට ’60 දසකයේ මුල් භාගයේදියි. එතකොට ඔය ගමට යන්න හරි හමන් පාරක් තිබුණේ නෑ. ඒ හින්දා අපේ පන්සල ළඟ තිබුණු ට්‍රාන්ස්පෝමරයෙන් කෙළින්ම වෙල්යාය හරහා කණු හිටවල රැහැන් අදාළ ඒ ගමට විදුලිය දුන්නා. ඊට අවුරුදු හතරකට පහකට පස්සේ ආණ්ඩුව වෙල්යාය මායිමේ ඉඩමේ කොටස් පවරාගෙන වෙල්ගායබේරල ගමට පාරහැදුවා. පාර හදලත් දැන් අවුරුදු පනහක් විතර ඇති. තාමත් ලයිට් කණු වෙල්යායේ. පාර අඳුරේ.

මේ ගැන ගම්වාසීන් පවසන්නේ “හැන්දෑවට වැඩ ඇරිල, හින්දෙණිය දුම්රිය ස්ථානයෙන් බැහැල මේ පාර දිගේ එන කාන්තාවන්ගෙ රන්මාල කොල්ලකාපු අත්බෑග් උස්සපු වාර අනන්තයි” කියලයි.

මේ අතර ඉකුත් 13 වැනිදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම ස්ථානයට කැඳවා කරුණු පහදාදී, වෙල්යායේ විදුලිරැහැන් පාරට අරන් වීදි පහන් සවිකර දීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස දන්වා එතුමියට ලිපියක් භාර දුන් බව දඩගමුවේ ආනන්ද ජයවික්‍රම මහතා පැවසීය.

සටහන හා ඡායාරූපය ජයවීර සුගතපාල අත්තනගල්ල විශේෂ

 

නව අදහස දක්වන්න