ඇමැති ගයන්තගේ උපන්දින දා ඉඩම් ඔප්පු 5000ක් බෙදා දේ | දිනමිණ

ඇමැති ගයන්තගේ උපන්දින දා ඉඩම් ඔප්පු 5000ක් බෙදා දේ

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැතිය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුනාතිලක මහතාගේ උපන් දිනය හෙටට (21) යෙදී ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වූ ඒ මහතා 2000 වසරේ පැවැතී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන ගාලු දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස පත්වූ අතර එදා සිට මේ දක්වා වසර දහඅටක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

දේශපාලනයට අත්පොත් තැබුදා සිටම ඉදිරිපත්වූ සෑම මැතිවරණයකින්ම ඉතා ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් දකුණේ තරුණ දේශපාලනඥයකු වූ ගයන්ත කරුණාතිලක මහතා පසුගිය මහ මැතිවරණයේදී දකුණේ එක්සත් ජාතික අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වූ 149573 මනාප ලබාගනිමින් දකුණු පළාතේ ප්‍රථමයා බවට පත්විය.

ජනමාධ්‍ය අමාත්‍ය වරයා ලෙස කටයුතු කරමින් සිටියදී තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමට කටයුතුකළ ගයන්ත මහතා මේ වනවිට වත්මන් ඉඩම් අමාත්‍යවරයා ලෙස ඉඩම් ඔප්පු දශලක්ෂයක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටි.

ඒ නිමිත්තෙන් හෙට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් බෙදා දීමටද නියමිතය.

ඇල්පිටිය සමුහ -අයි.එම්.වී.සි. ගුණසේකර 

 

අදහස් 1ක් ඇත

Me bedana idam Oppu gayantha mahaththaya gedarin genapuwada danne.eka ekage birthday kiyala mun mewa bedanne hariyata gedarin genalla wagene

නව අදහස දක්වන්න