රටම කැලැඹවූ මහින්දගේ චර්යාව | දිනමිණ

රටම කැලැඹවූ මහින්දගේ චර්යාව

කීත් නොයාර් පැහැරගැනීමට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 17 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම පාරේ නිවසේදී කට උත්තරය ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා නිල නිවෙස ඉදිරිපිටට පැමිණියේය.

එහිදී සිය පෞද්ගලික ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ‍ලොකු බණ්ඩාර මහතාට මහින්ද රාජපක්ෂ මහතා මෝඩ යකෙක් මූ. අන්න අරෙහෙට වෙලා ඉන්නවා. යැයි එහි රැස්ව සිටි සියලුම මාධ්‍යවේදින් ඇතුළු පිරිස ඉදිරියේ බැණ වැදි පිටුපසට තල්ලු කිරීමේ සිද්ධිය රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් බවට පත්ව තිබේ. එම අවස්ථාවේදී උදිත ලොකුබණ්ඩාර මහතා ඉමහත් ලැජ්ජාවට පත්ව පිටුපසට තල්ලු වී‍ගොස් තිබේ.

මේ අවස්ථාව අඩංගු විඩියෝ පට මුහුණු පොත, ඇතුළු සියලුම සමාජ මාධ්‍ය ජාලා වෙබ් අ‍ඩවිවල එදින සිට සැරිසරමින් පවතින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නරඹා තිබේ.

හිටපු කථානායක වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතාගේ පුතණුවන් වන උදිත ලොකුබණ්ඩාර මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ පසු සෑම අවස්ථාවකම ඒ මහතාගේ ළඟින්ම සිටි අයෙකි.

මේ සිද්ධියෙන් කළකිරීමට සහ දුකට පත් උදිත ලොකුබණ්ඩාර මහතා එදින සිය මුහුණු පොතේ සටහනක් යොදමින් ඔබ වැනි මෝඩයන් ඉදිරියේ නිහඬව සිටිනවා යැයි සටහනක් යොදා තිබිණි. නමුත් පසුව ඔහු එම සටහන සිය මුහුණු පොතෙන් මකා දමා තිබිණි. එය මකා දැමුවත් ඒ වන විටත් ඔහුගේ මුහුණු පොතේ මිතුරු මිතුරියන් එය මුහුණු පොතේ බෙදා හැර තිබිණි. උදිත ලොකුබණ්ඩාර මහතාගේ එම මුහුණු පොතේ සටහනට විවිධාකාරයේ විවේචනාත්මක අදහස් සිය ගණනක් සටහන් වී තිබිණි.

පරාද වී බලයක් නොමැති අවස්ථාවක සිය හිතවත් පෞද්ගලික ලේකම්වරයාට මෙසේ බැණ වැදුණා නම් රජය විවේචනය කරමින් සිය පෑන මෙහෙයවූ කීත් නොයාර් මහතාට මහින්ද රාජපක්ෂ මහතා කොහොම සලකන්න ඇතිදැයි බොහෝ දෙනා අදහස් පළ කරති.ළඟින් සිටින අනෙකුත් අයට කෙසේ සලකනවා ඇත්දැයි බොහෝ අය විමසති.

අදහස් 1ක් ඇත

මහින්ද මහතාත් මනුෂ්‍යයෙක්ය,හැගීම ශනිකව සිදුවෙන ක්‍රියාවකි, උදිතටත් එක අදාලයි

නව අදහස දක්වන්න