වැලිකඩ උණුසුම් -නිලධාරීන් 08ක් රෝහලේ | දිනමිණ

වැලිකඩ උණුසුම් -නිලධාරීන් 08ක් රෝහලේ

වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැඟී කාන්තා රැඳවූවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව අතරතුර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 08ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුරුව කාන්තා රැඳවූවන් 52ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයකට මාරු කිරීමට එරෙහිව ඔවුන් විරෝධතාවයේ නිරත විය.

එම අවස්ථාවේදී කාන්තා රැඳවූවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර එහිදි කාන්තා රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වන නඩු කඩිනම් කරන ලෙස ඉල්ලමින් මීට පෙර ද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවක නිරත වුණි.

නව අදහස දක්වන්න