ජාත්‍යන්තර ස්ථාවර මූල්‍ය සමාගම් සම්මානය එලායන්ස් | දිනමිණ

ජාත්‍යන්තර ස්ථාවර මූල්‍ය සමාගම් සම්මානය එලායන්ස්

ජර්මනියේ කර්ල්ස්රුහි හි ජාත්‍යන්තර ස්ථාවර මූල්‍ය සම්මාන සංගමය විසින් අනුබද්ධිත මූල්‍ය සමාගම්වල සභාපති, ප්‍රධාන විධායක නිලධාරීන් සඳහා ප්‍රදානය කරනු ලබන ජාත්‍යන්තර ස්ථාවර මූල්‍ය සමාගම් පිළිගැනීමකට ශ්‍රී ලංකාවේ එලායන්ස් මූල්‍ය සමාගම පාත්‍රවී තිබේ. එලායන්ස් මූල්‍ය සමාගම ශ්‍රී ලංකාවේ මෙරට තෙවැනි පැරැණිතම මූල්‍ය සමාගම වේ.

අදාළ ජාත්‍යන්තර සම්මානය දිනූ ශ්‍රී ලාංකේය පළමු බැංකු නොවන මූල්‍ය ආයතනය ද වන්නේය. එලායන්ස් සමාගම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ව්‍යාපෘතිය සහ පරිසර වෙනස්වීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට පාත්‍රවූ පළමු ශ්‍රී ලාංකේය මූල්‍ය ආයතනය වශයෙන් ද ඉතිහාසයට එක්වේ. කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතාගේ උපදේශකත්වය සහ මඟ පෙන්වීම යටතේ එලායන්ස් සමාගම මහජනතාව, ලෝකය, ප්‍රතිලාභ යන සුවිශේෂ සංකල්ප තුන යටතේ කියාත්මක වන්නකි.

මේ යටතේ එලායන්ස් මූල්‍ය සමාගම විසින් ජෛව සංරක්ෂණ සංවර්ධන සහ පරිසර සංරක්ෂණ ව්‍යාපෘති දෙකක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රතිලාභ පාරිසරික සහ සමාජ සංරක්ෂණ කටයුතු සඳහා බැර කෙරේ. මේ වසරේ දී තුරු මිතුරු ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් පැළ 170;000 ක් රෝපණය කිරීමටද එලායන්ස් සමාගම දායකවිය. මෙවර සම්මාන උළෙල සඳහා ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය නියෝජනය කරමින් රටවල් 100ක් ඉදිරිපත් විය.


නව අදහස දක්වන්න