මොබිටෙල් කෑෂ් බොනැන්සා මර්සිඩීස් බෙන්ස් රථයක් මාතරට | දිනමිණ

මොබිටෙල් කෑෂ් බොනැන්සා මර්සිඩීස් බෙන්ස් රථයක් මාතරට

දෙවැනි මර්සිඩීස් බෙන්ස් මෝටර් රථය ගාල්ලෙන් පැමිණි බුවිනි චරිත්‍රා ලියනගේට පිරිනැමේ

ශ්‍රී ලාංකික ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්හි කෑෂ් බොනැන්සා වැඩසටහන අඛණ්ඩව මෙන්ම ඉතාම සුවිශේෂී ලෙස 2018 වසරේ ජූලි මාසයත් අති සාර්ථකව පසු කරනු ලැබුවේ, සුපිරි‍ මට්ටමේ ත්‍යාග රැසක් තිළිණ කර දීමේ ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත පාරිභෝගික පිරිසකගේ‍ ආකර්ෂණය මේ වැඩසටහනට උපරිමව හිමිව ඇති බවට සාක්‍ෂි දරමිනි. ඒ හා සමගාමීව මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පවත්වනු ලැබූ දැවැන්ත සැණෙකෙළියේ (Carnival) උත්සවශ්‍රීය දෙගුණ

තෙගුණ වූයේ විශිෂ්ටතම ත්‍යාගය හිමි කර ගන්නා ජයග්‍රාහකයා නිවේදනය කිරීමත් සමඟ ය. නවතම සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් මෝටර් රථය දිනා ගන්නා ලද්දේ ගාල්ලෙන් පැමිණි බුවිනි චරිත්‍රා ලියනගේ විසිනි. මොරගොල්ලාගමින් පැමිණි තිලක් කුමාර ඒකනායක රු. 1, 000, 000 ත්‍යාගය ද පානදුරෙන් පැමිණි අජිත් ප්‍රසන්න රු. 500, 000 ත්‍යාගය ද දිනා ගනිමින් එදින රාත්‍රියේ අනෙකුත් ජයග්‍රාහකයන් බවට පත් වූහ.

ජනප්‍රිය ගී තරු රැසක් සහභාගී වූ සංගීත ප්‍රසංගය, Flash Back සංගීත කණ්ඩායම සමගින් උත්සවාකාරයෙන් පවත්වනු ලැබුවේ පැමිණ සිටින සියලුම දෙනා වෙත සතුටින් පිරි අමරණීය මතක සටහන් ද හිමිකර දෙමිනි.

නව අදහස දක්වන්න