ලංකා හොස්පිටල්ස් රසායනාගාරයෙන් ජාත්‍යන්තර තත්ත්වයේ රසායනාගාර පරීක්‍ෂණ | දිනමිණ

ලංකා හොස්පිටල්ස් රසායනාගාරයෙන් ජාත්‍යන්තර තත්ත්වයේ රසායනාගාර පරීක්‍ෂණ

ප්‍රතිකාර සහාය පියවරක් ලෙස හෝ වැළැක්වීමේ පියවරක් ලෙස හෝ සෑම වෛද්‍ය ක්‍රමවේදයකටම මූලික පදනම කරගන්නේ රෝග විනිශ්චයයි. ලංකා හොස්පිටල්ස්හි හත්වැනි (7) මහලේ පිහිටි ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් (LHD) රසායනාගාරය ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ ප්‍රථම නිර්දේශිත වෛද්‍ය රසායනාගාරය ලෙස වාර්තා තබා ඇත. අති නවීනතම වෛද්‍ය උපකරණවලින් සමන්විත ලංකා හොස්පිට්ල්ස් රසායනාගාරය වඩාත් නිවැරැදි සහ විශ්වසනීය වෛද්‍ය පරීක්‍ෂණ ක්‍රම සඳහා දිනෙන් දින වැඩිවන ඉහළ ඉල්ලුම සපුරාලන මෙරට ඇති සියල්ල සපිරි විශිෂ්ටතම රසායනාගාර සේවාව වේ.

 ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී හි පූර්ණ හිමිකම් සහිත අනුබද්ධ ආයතනයක් වන ලංකා හොස්පිට්ල්ස් ඩයග්නොස්ටික්ස් රසායනාගාරය අද වන විට දිවයිනේ අන් කිසිදු රසායනාගාරයක දී ලබාගත නොහැකි විශේෂිත පරීක්‍ෂණ ඇතුළු 1100 කට අධික රසායනාගාර පරීක්‍ෂණ මාලාවක් සිදුකරනු ලබයි. ’සිය වෛද්‍ය පරීක්‍ෂණ සිදුකර ගැනීම සඳහා විශාල මුදලක් වියදම් කරමින් ශ්‍රී ලාංකිකයන්ට විදේශ රටවලට යන්නට සිදුවීම මගින් ජාත්‍යන්තර සහතික ලත් විමර්ශන රසායනාගාර පරීක්‍ෂණ සඳහා ඇති රික්තය කෙතරම් දැයි අපිට සාක්‍ෂි සහතිව පැහැදිලි වීමක්’ යැයි LHD ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඞ්වඩ් මහතා සඳහන් කළේය.

’ 2014 වර්ෂයේ ලංකා හොස්පිට්ල්ස් රසායනාගාරය ආරම්භය මෙරට උසස් තත්ත්වයේ රෝග විනිශ්චයන් තිබිය යුතුය යන අවශ්‍යතාව මැනවින් හඳුනා ගැනීමක්’ අපගේ සේවාවන් ලබාගන්නා සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට අමතරව අපගේ රසායනාගාර සේවාවන් නිරන්තරව ලබාගන්නා විදේශිකයන් ද සිටින බව පැහැදිලියි. විශේෂයෙන් මාලදිවයින සහ සීෂෙල්ස් ආදී රටවලින් පැමිණෙන රෝගීන් රැසක් අපට මුණගැසෙනවා ’ ඔහු තව දුරටත් පැවැසීය’.

නව අදහස දක්වන්න