සමාජ මෙහෙවරට සමු දුන් කොෆී අනන් | දිනමිණ

සමාජ මෙහෙවරට සමු දුන් කොෆී අනන්

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත්, සමස්ත ලෝකය තුළත් නොමැකෙන ලෙස තම සනිටුවන් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් වන එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයෙකු වූ කොෆී අනන් ඊයේ අභාවප්‍රාප්ත විය.

විදෙස් මාධ්‍ය පැවසුවේ 80 වැනි වියෙහි පසු වූ ඔහු ඊයේ පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බවයි.

ඝානා ජාතික කොෆී අනන්ගේ අභාවය හේතුවෙන් එරට රජය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇත.

1938 වසරේ අප්‍රේල් 8 වන දා අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාවේදී, උපත ලැබූ කොෆී අනන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 07 වැනි මහ ලේකම් ධූරයට පත්වූයේ 1997 වසරේ ජනවාරි පළමු වැනි දා ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත්වූ පළමු කලු ජාතික අප්‍රිකානුවා ලෙස සැලකෙන කොෆී අනන් මහ ලේකම් තනතුරින් සමුගැනීමෙන් පසුව සිරියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් ලෙස පත්ව සිරියාවේ ගැටුම් සඳහා ස්ථිර සාර විසඳුක් ලබා ගැනීමට උත්සාහ කළේය.

සිය ධූර කාලය තුළ ඔහු ලෝකවාසීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් විශාල සමාජ මෙහෙවරක නිතර විය.

ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් කොෆී අනන් 2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේ ය.

කොෆී අනන් මහතාගේ සමුගැනීම හේතුවෙන් ලෝක නායකයන් බොහෝ දෙනෙක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ශෝකය ප්‍රකාශ කරමින් සිටියි.

නව අදහස දක්වන්න