කේරළයේ අවතැන්වූවන් මුදාගැනීම තවදුරටත් | දිනමිණ

කේරළයේ අවතැන්වූවන් මුදාගැනීම තවදුරටත්

ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ සිදු වූ ජලගැල්ම හේතුවෙන්, අවතැන් වූවන් මුදාගැනීමේ කටයුතු වේගවත් කර තිබේ. 
 
ක්‍රමයෙන් මෝසම් වැසි තත්වය අඩුවීමෙන් මෙහෙයුම් වඩාත් පහසුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.  ඉන්දියානු කාලගුණ රතු නිවේදනය ද ඉවත් කර තිබේ.  
 
මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දීය ගුවන් හා නාවික හමුදා හෙලිකොප්ටර් යානා සහ බෝට්ටු යොදා ගැනේ.  බොහෝ පිරිස් නිවාසවල වහල මත සහ උස් ස්ථානවල සිරවී සිටින බව වාර්තා වේ.  ගුවන් මගින් ආහාර ලබාදීම ද සිදු කෙරේ.
 
ඇතැම් ප්‍රදේශවල පන්දහසකට අධික පිරිසක් සිටින බව බලධාරීන් පවසයි.  ජල ගැල්ම හේතුවෙන් මියගිය සංඛ්‍යාව, 350කි.  දහස් ගණනක් අවතැන් විය.
 

නව අදහස දක්වන්න