කෑම මේස­යට අපූරු නිමැ­වු­මක් | දිනමිණ

කෑම මේස­යට අපූරු නිමැ­වු­මක්

වැඩි මිලක් දීලා සැරසිලි ගෙනත් නිවෙස අලංකාර කරනවට වඩා වැදගත් වෙන්නේ, තමන් ම හදා ගත්ත නිර්මාණයකින් නිවෙස අලංකරණය කිරීම ය. කෑම මේසය යනු, කෑම බීම නිතර තැබෙන ස්ථානයක් වගේම, කාර්යබහුල වෙලාවක අමුත්තන්, නිවැසියන් බොහෝ වෙලාවට එකතු වන ස්ථානයකි. ඒ නිසා, කෑම මේසය පිරිසුදුව, සුන්දරව වගේම, ආකර්ශනීය ලෙස තැබීම, සිත සතුටින් තැබීමට මෙන් ම, කෑම රුචිය වර්ධනයට ද උපකාරී වේ. මේ , කෑම මේසය සුන්දර කරන නිර්මාණයක් සකසන ආකාරයයි.

පරණ පීරිසියක්, කෝප්පයක් , පීරිසි තට්ටුවක් සහ පරණ ගෑරුප්පුවක් ආධාරයෙන් මේසයේ මැද තැබීම සඳහා අලංකාරවත් නිර්මාණයක් මෙසේ සකසමු. මුලින්ම, යකඩ ගෑරුප්පුවේ යට කොටස එල් හැඩයට මදක් නැමිය යුතු ය. මිට කොටසේ අඟල් එක හමාරක් පමණ එල් අකුරට ප්‍රතිවිරෝධී පැත්තට නැමීම කළ යුතු ය. දැන් පීරිසි තට්ටුවේ මැදට හොඳින් ඇලවෙන ගම් වර්ගයක් දමා, ගෑරුප්පුවේ උල් කොටස් අලවා ගන්න. ඉන් පසුව, එහි උඩ කොටස පීරිසි කෝප්පයේ ඇතුළු බිත්තියට තබා අලවා ගත යුතු ය. දැන්, පීරිසි කෝප්පය සහ තැටිය, ගෑරුප්පුව ආධාරයෙන් සම්බන්ධ වී තිබීම අත්‍යවශ්‍ය ය. ඉන් පසුව, මල් සහ කොළ වර්ග අතරට වර්ණ ආලේප කළ බිත්තර කටු යොදාගෙන, පීරිසි කෝප්පයේ සිට පීරිසි තැටිය දක්වා ගලා ගෙන එන අයුරින් සරසා ගන්න. දැන් ඔබේ මේසය අංලකාරවත් කරන්න වටිනා නිර්මාණයක් ඕබේ අතින්ම නිමැවී තියෙනවා නේද?

 

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න