දියවැඩියා රෝගය හඳුනාගැනීමේ වෛද්‍ය සායනයක් | දිනමිණ

දියවැඩියා රෝගය හඳුනාගැනීමේ වෛද්‍ය සායනයක්

දියවැඩියා රෝගය හඳුනාගැනීමේ වෛද්‍ය සායනයක් වරාගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැති අතර, විහාරාධිකාරී පූජ්‍ය රත්කරව්වේ පේමානන්ද හිමියන් සහ සංවිධායක ඉසුරු කුමාරගේ මහතා ද මෙහි වේ.

ඡායාරූපය - ලයනල් පී. පෙරේරා - කැලණිය විශේෂ

*************

අනුනායක දෙදියවල තිලකසිරි හිමි පිළිගැනීම අද

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම සංඝ සභාවේ අභිනව අනුනායක ධුරයට පත්වූ කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි නාහිමියන් පිළිගැනීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින (20) සවස කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරයේදී පැවැත්වේ. උන්වහන්සේට නව අනුනායක ධුරය හා අක්තපත්‍ර ප්‍රදානය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 18 වන දින කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී සිදුකෙරිණි.

කළුතර මධ්‍යම සමූහ

***********

හතරලියද්ද, එරමුදුලියද්ද ආශිර්වාද පූජාව

ආශිර්වාද බෝධි පූජාවක් සහ තෙසැත්තෑ ඤාණ පූජා පින්කමක් මේ මස 25 වැනි සෙනසුරාදා පොහෝදා මහනුවර, හතරලියද්ද, එරමුදුලියද්ද ශ්‍රී බෝධිරුක්ඛාරාමයේදි සවස 5 සිට පසුදා පහන් වන තෙක් පැවැත්වේ. “ගමයි - පන්සලයි එළිය කළ මිණිපහන ඔබයි“ උදාර සංකල්පයෙහි නිර්මාතෘ, ජානක සී. සේනාධිපති මහතා විසින් මෙම පින්කම මෙහෙයවනු ලබයි. කොළුගල රජමහා විහාරාධිපති, ශාස්ත්‍රපති ගෞරව පරිවේණාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ විපස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් යුතුව එරමුදුලියද්ද දායක සභාව සංවිධානය කරන මේ පින්කමට ඕනෑම අයකුට සහභාගි වී ආශිර්වාද ලබා ගත හැකිය.


නව අදහස දක්වන්න

Or log in with...