ජනපති මෙහෙවර ගැන අගමැතිගෙන් පැසසුම් | දිනමිණ

ජනපති මෙහෙවර ගැන අගමැතිගෙන් පැසසුම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේසන මහතාගේ නායකත්වයෙන් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රැකියා 430,000ක් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ස්වයංරැකියා හා විවිධ ආදායම් මාර්ග උත්පාදනය කරන පිරිස් ද ඇතුලත්ව නව රැකියාලාභීන් ලක්‍ෂ 07ක් පමණ බිහි කිරීමට රජයට හැකියාව ලැබී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය. 

රැකියා විරහිත උපාධිධාරීන් හාරදහස් එකසිය දෙනෙකුට පත්වීම් පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(20)පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. (දර්ශන උපුටා ගැනීම - ජාතික රූපවාහිනිය)

නව අදහස දක්වන්න