කුඩාඔය පාලම කැලයට යට වී වසර පහයි | දිනමිණ

කුඩාඔය පාලම කැලයට යට වී වසර පහයි

උඩවලව විශේෂ සේන විදාන ගමගේ

රුපියල් කෝටි පහක් වැයකර කුඩා හරහා ඉදිකළ පාලම කැලයට යට වී වසර පහයි

ඉකුත් රජයේ ගම්දොර දියුණුවේ රන් දොරටුව විවෘත කරන ඉසුරුමත් හෙට දිනක් වෙනුවෙන් ගමත් නගරයත් යා කරන දිව යින පුරා ක්‍රියාත්මක කළ ග්‍රාමීය පාලම ගොඩනැගීමේ ව්‍යාපෘතිය යටතේ මීට වසර 5ට පෙර එනම්2013 -8-19 වන දින ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් බලහරුවේ සිට ඇතිලිවැවට යන කෙටි මාර්ගයක් ලෙස නම්කරමින් රුපියල් කෝටි පහක් වැයකර මහා වනමැද යාමට මාර්ගයක් නොමැති ව කුඩා ඔය හරහා ඉදිකරන ලද විශාල පාලම මේ වන විට කිසිදු පල ප්‍රයෝජනයකට ගත නොහැකිව මහා වනයට යට වෙමින් පවතී.

පාලම ඉදිකර ඇතත් එහි ගමන් කිරීමට මාර්ගයක් නොමැත ඉහත පාලමෙන් එගොඩ විය යුත්තේ කුඩා ඔය යුදහමුදා වන රක්ෂිතයටය එහි වන අලි රංචුපිටින් ගැවසෙන ප්‍රදෙශයකි මර්ගයක් ඉදිකිරීමට යයි පවසමින් හිටපු අමාත්‍යවරයෙකු වන ජගත් පුෂ්පකුමාර මහතා විසින් මීට වසර කීපයකට පෙර බලහරුව ප්‍රෙදශයේ මුල්ගල් තබා ඇති අතර එය මේ වන විට වන අලි විසින් පෙරලාදම ඇතැයිද ප්‍රෙදශවසින් කියා සිටිති ‍.

නව අදහස දක්වන්න