ටුනා ඇම මෙරට නිෂ්පාදනය ඇරඹේ | දිනමිණ

ටුනා ඇම මෙරට නිෂ්පාදනය ඇරඹේ

ටුනා මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
 
මෙම ඇම නිෂ්පාදනය ආරම්භ කෙරෙන්නේ, පුත්තලම දිස්ත්‍රික්කයෙනි. එම කටයුතු ආරම්භ කිරීම සදහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් මිලියන 26 කි.
 
එහි පළමු අධියරේ කටයුතු ආරම්භ කිරීමට අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 13 ක් වටිනා චෙක්පත එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත ලබා දෙනු ලැබීය.
 
ඒ,බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ඊයේ (20) පැවති ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුව - 2018 දී ය.
 
ටුනා මත්ස්‍යන් ඇල්ලීම සදහා වසරකට රුපියල් මිලියන 1107 ක් වටිනා ඇම ආනයනය කරන බව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කරයි. එම විශාල මුදල රට තුල රදවාගැනීම නව වැඩසටහනේ අරමුණ වේ.
 
ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉලක්කය වසරකට කිලෝ එක්ලක්‍ෂ තිස් පන් දහසක් (135.000) නිෂ්පාදනය කිරීමයි.
 
මෙම අවස්ථාවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි , අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහත්වරුන් සහ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂිකා ජේ.එම්.අශෝකා මහත්මියද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න