චීන හමුදාව යුද පුහුණුවක පෙන්ටගනය අනතුරු අඟවයි | දිනමිණ

චීන හමුදාව යුද පුහුණුවක පෙන්ටගනය අනතුරු අඟවයි

චීන හමුදා පැසිපික් කලාපයේ ඇති අමෙරිකා සහ මිත‍්‍ර පාක්ෂික ඉලක්කවලට පහරදීම සඳහා පුහුණුවක යෙදෙන බව පෙන්ටගනය අනතුරු අඟවයි. චීනය විසින් බෝම්බ රැගත් යානා වැඩිදුරකට පියාසර කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමට උත්සාහ කරමින් සිටින බව අමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. අමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ඇත්තේ අමෙරිකානු කොංග‍්‍රසයට සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමිනි. ඩොලර් බිලියන 190ක ඇස්තමේන්තුගත ආරක්ෂක වියදම් ද ඇතුළුව චීනය තමන්ගේ යුද හැකියාව වර්ධනය කරගනිමින් සිටින බව වාර්තාවෙන් ඉස්මතු කර දක්වයි. මීළඟ වසර 10 තුළ චීන යුද වියදම ඩොලර් බිලියන 240 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව ද කියැවේ.

එසේම එමගින්"අභ්‍යවකාශය හමුදාකරණයට එරෙහි ස්ථාවරයක මහජනයා සිටියද" වැඩිදියුණු කරමින් පවතින චීනයේ අභ්‍යවකාශ වැඩපිළිවෙළ ගැන ද වාර්තාවේ සඳහන් වේ.

මේ වාර්තාව සම්බන්ධයෙන් චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

 

නව අදහස දක්වන්න