කේරළයේ 22,000ක් ගංවතුරට ගොදුරු කර මෝසම් වැසි නිම වෙයි | දිනමිණ

කේරළයේ 22,000ක් ගංවතුරට ගොදුරු කර මෝසම් වැසි නිම වෙයි

කේරළයේ 22,000ක් පමණ ගංවතුරට ගොදුරු කරමින් පැවති මෝසම් වැසි අවසන් වී තිබේ. දරුණු ලෙස ගංවතුර ඇති වූ ප්‍රදේශ වෙත හමුදා කණ්ඩායම්, ආපදා සහාය කණ්ඩායම් සහ දේශීය ධීවරයන් ළඟා වීමට සමත් වී ඇති අතර ඔවුන් හරහා දෙසතියක් පුරා අඛණ්ඩව ඇද හැළුණ වර්ෂාව හමුවේ අසරණව සිටි පිරිස් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට හැකි වී ඇත.

වාර්තා වන අන්දමට මෝසම් වැසි හේතුවෙන් 350 දෙනකුට දිවි අහිමි වී ඇත. නාය යාම් නිසා වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වී ඇති බව සඳහන්ය.

කේරළයේ ප්‍රධාන ඇමැති පිනරයි විජයන් පවසන්නේ කඳවුරු 5,645ක අවතැන්වූවන් 725,000ක් පමණ රැඳී සිටින බවයි. මේ තත්ත්වයෙන් පසු පැතිර යා හැකි වසංගත රෝග මැඩ පැවැත්වීම ඊළඟ අභියෝගය බව රජයේ ආපදා කළමනාකරණ කණ්ඩායම අවධාරණය කරයි. මේ වන විටත් අලුවාහි කඳවුරක තිදෙනකු පැපොල රෝගය වැළඳී ඇති බවත් එය පැතිර යාමේ හැකියාව වැඩි බවත් ඔවුහු පවසති.

නව අදහස දක්වන්න