හෙට සිට සවස් කාලයේ ගිඟූරුම් සහිත වැසි | දිනමිණ

හෙට සිට සවස් කාලයේ ගිඟූරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් හෙට (23) සිට උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇතිවීයම් හැකියාවක් පවත බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
 
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි ගහෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
 
දකුණු පළාතට විටින් විට පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශයේ තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවවශ්‍ය පියවර ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් විය.
 
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
 
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවවල සුළං බස්නාහිර ‍දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවවල සුළං නිරිත දෙසින් හමයි.
 
 සුළගේ වේගය පැ.කී.මී.30-40 පමණ වේ.
 
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්  හම්බන්යතොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.

නව අදහස දක්වන්න