අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු සැත්කම් නවතියි | දිනමිණ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු සැත්කම් නවතියි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය සැත්කම් සියල්ල තවදුරටත් අත්හිටුවා තිබේ.

පහර දීමක් හේතුවෙන් දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන අනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා මෙතෙක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සැත්කම් නවතා දැමීමට සිදුව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර සඳහන් කළේ, ශල්‍යකර්ම සිදු කිරීමට ඇති රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවන බව ය.

වැඩ බලන රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, පුහුණුව ලත් වෛද්‍යවරයෙකු සැත්කම් සිදු කිරීම සඳහා ලබන සඳුදා සිට රෝහලට අනියුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වී ඇති බව ය.

නව අදහස දක්වන්න