ඉම්රාන් ඛාන් වෙඩි නොවදින මෝටර් රථ සංඛ්‍යාව අඩු කරයි | දිනමිණ

ඉම්රාන් ඛාන් වෙඩි නොවදින මෝටර් රථ සංඛ්‍යාව අඩු කරයි

පාකිස්තානයේ නව අගමැති ඉම්රාන් ඛාන් තමන්ට නිල වශයෙන් හිමි වන සේවකයන් 524 දෙදෙනකු දක්වා ද වෙඩි නොවදින මෝටර් රථ සංඛ්‍යාව 33 දක්වාද අඩු කිරීමට තීරණය කරයි.

ඔහු අගමැති ලෙස ප්‍රථම වරට ජනතාව අමතමින් ප්‍රකාශ කළේ රටේ ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් රටේ නොමැති අවස්ථාවක අනවශ්‍ය ලෙස තම සුව පහසුව වෙනුවෙන් මුදල් නාස්ති කළ නොහැකි බවයි.රටේ දූගීභාවය තුරන් කිරීම වෙනුවෙන් සිය සුඛෝපභෝගී ජීවිතය අත්හැර ජනතාවගේ මුදල් ආරක්ෂා කරන බව ද ඔහු සිය කතාවේදී ප්‍රකාශ කළේය. ධනවත් පන්තියෙන් යළි බදු අය කර ගත යුතු බව පැවසූ අගමැතිවරයා වෙඩි නොවදින සුඛෝපභෝගී රථ අලෙවි කර දැමීමට තීරණය කර ඇත්තේ ණය බරින් ජනතාව බේරා ගැනීමේ අපේක්ෂාවෙනි.

ජනතාව සහ විදෙස් මාධ්‍ය පවා පවසන්නේ මැතිවරණයට පෙර ඉම්රාන් ඛාන් විසින් ලබා දුන් පොරොන්දු සැබෑ ලෙසම ඉටු කරමින් සිටන බවයි.

 


නව අදහස දක්වන්න

Or log in with...