රටේ දියු­ණුව අපේ දියු­ණු­වයි | දිනමිණ

රටේ දියු­ණුව අපේ දියු­ණු­වයි

   ලංකා­පුත්‍ර සංව­ර්ධන බැංකු­වේ සභා­පති ජේ. ටී. එස්. පී. කාරි­ය­ව­සම් සාමා­න්‍යා­ධි­කාරී (වැඩ­බ­ලන) රංජිත් දිසා­නා­යක

ආර්ථික සංවර්ධනයේදී ව්‍යවසායකත්වය සහ ආයෝජනයන්ට හිමිවන්නේ මූලික ස්ථානයකි. මේ අංශ දෙකම ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික සංවර්ධනය වෙනුවෙන්ම මෙරට ස්ථාපිත කර ඇති බැංකුව ‘ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවයි.” එවන් ජතික අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කිරීම පවතින තරගකාරීත්වය හමුවේ බැංකුවකට අභියෝගයකි. අපි ඒ පිළිබඳව විමසීම සඳහා හමුවූයේ ලංකාපුත්‍ර බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයයි. එහි සභාපති ජේ. ටී. එස්. පී. කාරියවසම් මහතා මෙන්ම සාමාන්‍යාධිකාරී (වැඩබලන) රංජිත් දිසානායක මහත්වරුන් දැක්වූ අදහස් මෙසේය.

අනෙකුත් වාණිජ බැංකු අතර ඔබ බැංකුව සතු ‘සංවර්ධන’ අනන්‍යතාව කුමක්ද?

ආර්ථික වර්ධනයේ වේගය මෙන්ම ඒක පුද්ගල ආදායම ඉහළ දැමීම වැනි ජාතික සංවර්ධන අරමුණක් පෙරදැරිව ස්ථාපිත වූ අප බැංකුවේ පරමාර්ථ ගොඩනැඟී ඇත්තේ මෙරට ආර්ථීකය හා සමාජීය සංවර්ධනයේ ප්‍රමුඛ සහකරුවෙකු වීමටයි.

ඒ අනුව වැඩි ලාභය, වැඩි පොලිය යන සාධකයන් අතහැර බැංකුවේ පැවැත්ම වෙනුවෙන් පමණක් ලබන ලාභයට සීමාවී ජාතික අපේක්ෂාවන් ජයගැනීම සඳහායි, අපගේ ව්‍යාපාරික සැලසුම් යොමුවී තිබෙන්නේ. වාණිජ බැංකුවක රාජ්‍ය සංවර්ධන බැංකුවේත් වෙනස මැනවින් හඳුනාගත හැකියි. අපගේ මූල්‍යමය සේවාවන් ගොඩනැඟී ඇත්තේ වාණිජ අපේක්ෂාවෙන් නොවේ.

අපගේ ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රාදේශීය, ජාතික,ජාත්‍යන්තර වශයෙන් ව්‍යවසායකත්වය සැලකිය යුතු පරිදි ශක්තිමත් කිරීම, මෙරට ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමට සහාය දී විෂමතා අවම කිරීමට කටයුතු කිරීම මෙන්ම ඒ ඒ වෘත්තීන් සතු වෘත්තීය භාවය ගුණාත්මකව ඉහළ දැමීමට සහායවීම මෙන්ම දීර්ඝකාලීන සංවර්ධන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය පදනම ගොඩනැඟීමට දායකවීමටයි.

මේ අරමුණු ජයගැනීමට ඔබ ආයතනයෙන් හඳුන්වාදී තිබෙන ණය යෝජනාවන් මොනවාද?

අපගේ සැලසුම් අතර කෘෂිකර්මාන්තය මූලික අංශයක්. ආහාර නිෂ්පාදනය වැඩිකර ගොවියා වාණිජ මට්ටම වෙත යොමුකිරීම මූලික ඉලක්කයයි. ඒ මඟින් ආහාර බහුල කිරීම මෙන්ම කාලානුරූපිව මිල ඉහළ පහළ යාම වළකා පාරිභෝගිකයාට සාධාරණ මිලකට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට අවස්ථාව සැලසීම මෙන්ම ගොවියාටද ස්ථාවර ආදායමක් ලැබීමට මඟ සැලසිය හැකියි.

රන් අස්වැන්න නමින් නම්කර ඇති ණය යෝජනා ක්‍රමය සැලසුම් කර තිබෙන්නේ කෘෂි කර්මාන්තයේ අංශ වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුවයි. කෘෂි තාක්ෂණය සඳහා ගොවියාට ප්‍රවේශවිය හැකි මඟ විවර කර ගොවියා කෘෂි ව්‍යවසායකයෙකු බවට පත්කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය මූල්‍යමය සහාය හා මඟපෙන්වීම ලබාදීම සඳහායි.

මෙම රන් අස්වනු ණය කාණ්ඩ තුනකින් යුතුයි. පළමු වර්ගය ලබාදෙනුයේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවියා හා ගොවි සංවිධාන වෙතයි.

ඔවුනට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා උපකරණ මිලදී ගැනීම, ඉහළ තාක්ෂණය භාවිතා කර ජල සම්පාදන ක්‍රම සැකසීම, කුකුළු ගොවිපොළ වැඩි දියුණු කිරීම, ගෙවතු අලංකරණය, මල් වගාව, තවාන් කටයුතු මෙන් ම මත්ස්‍ය කර්මාන්තය සඳහා ලබාදෙන උපරිම ණය මුදල මිලියන පහක් වන අතරම පොලී අනුපාතය 6.75% කි. මෙම ණය ලබාදීමේදී ණය ගෙවීම සඳහා සහනකාලයක්ද සමඟින් වසර 7ක කාලයක්ද ලබාදීමට සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරයේ ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා යි.

රට වටා මුහුදක් ඇති අපට මාළු සඳහා ගෙවන මිල තරමක් ඉහළ ගොස් ඇත්තේ මාළු අස්වැන්න ප්‍රමාණවත් නොවීමේ හේතුව නිසායි. එමෙන්ම මාළු අපනයනය වැඩි කිරීමෙන් රටට ලැබෙන විදෙස් විනිමය වර්ධනය කරගත හැකියි. රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමයේ දෙවැනි අංශය යොමුවී ඇත්තේ මත්ස්‍ය හා කෘෂි සැකසුම් සේවා දියුණු කිරීමේ අරමුණින් යුතුවයි.

බහු දින ධීවර යාත්‍රා මිලදී ගැනීම, අයිස් කර්මාන්තශාලා, මත්ස්‍ය සැකසුම් ක්‍රියාකාරකම්, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ මිලදී ගැනීම, ඉහළ තාක්ෂණය භාවිතා කර ජලසම්පාදන ක්‍රම, ධාන්‍ය ගබඩා සඳහා ආයෝජනය සහල් මෝල් ඉදිකිරීම සඳහා,වැනි පහසුකම් බහුල කිරීම මෙන්ම ඒ ක්ෂේත්‍රයේ මනා කළමනාකාරීත්වය ඇතිකිරී‍මෙන් වසර පුරා ස්ථාවර මිලක් ඇතිකිරීම, නිෂ්පාදකයා සුරක්ෂිත කිරීම මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීම මේ මඟින් අපේක්ෂා කෙරේ. ආහාර සුරක්ෂිතතාව හා අපනයනය දියුණු කලාපයේ අනෙකුත් රටවල් මෙන් ශක්තිමත් පදනමක් සැකසීම මෙහි අරමුණය.

මෙහි තෙවන අදියර යොමුවී ඇත්තේ දැනටමත් වාණිජ මට්ටමින් කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන් සඳහාය. මේ සඳහා අප බැංකුවෙන් ලබාදීමට නියමිත උපරිම ණය මුදල මිලියන 30ක් වෙයි. මේ ණය යෝජනා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනාවන්ගේ කොන්දේසිවලට අනුකූලව ලබාදීමයි. අපගේ අරමුණ වන්නේ මේ මඟින් පොලී අනුපාතය, මෙන්ම ණය කොන්දේසි ඒ අනුව තවදුරටත් පාරිභෝගිකයාට වාසිසහගත ලෙස ගොඩනැඟී තිබේ.

ඔබ විසින් දැක්වූ ණය සහන වඩාත් අවශ්‍යවන්නේ ප්‍රාදේශීය ජනතාවටයි. ඒ අය වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමේ සේවාවන් සිදු කෙරෙනවාද?

අපගේ ශාඛා ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොළඹ, හම්බන්තොට, පොළොන්නරුව, කෑගල්ල, මහනුවර, වෙන්නප්පුව, මඩකලපුව, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලයි. එම ප්‍රදේශවලට ආවේනික අවශ්‍යතා හඳනාගෙන ඔවුනගේ ජනජීවිතය නංවන අතරේ ජාතික ආර්ථික අපේක්ෂා සපිරෙන ආකාරයෙන් ඒවා හැඩගැස්වීමටයි අපි කැපවී සිටින්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා වන ඔබ ආයතනයේ ව්‍යාපාරික සැලසුම කෙබඳුද?

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා යටතේ ලබාදෙන ණය වර්ග ‘6’ අප ආයතනය විසින් ලබාදීමට කටයුතු කෙරෙනවා.

දැනටමත් අප ආයතනය විසින් සැලසුම් කර ඇති ණය යෝජනාවන් එම ණය යටතේ ලබාදිය හැකියි. අපගේ ජය ඉසුර ණය යෝජනා ක්‍රමය මේ යටතට ගැනෙන ප්‍රමුඛතම ණය ක්‍රමයක් එමඟින්, කෘෂිකාර්මික, ධීවර, පශු සම්පත්, මල් වගාව, ගෙවතු වගාව, සැහැල්ලු ඉන්ජිනේරු

සේවා, මුද්‍රණ, සංචාරක, අත්කම් භාණ්ඩ, ඇඟළුම්, තොරතුරු තාක්ෂණය, නිෂ්පාදන කර්මාන්තද ආදී ක්ෂේත්‍රවල නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයින්ගේ ඵලදායිතාවය වැඩිදියුණු කිරීම අරමුණු වී තිබේ.

ව්‍යවසායිකයින් සඳහාම වෙන්වී ඇති මෙම ජය ඉසුර යෝජනා ක්‍රමය (1) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයින් සහ (2) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයින් යන අංශ වශයෙන් අංශ දෙකක් යුතුය. සුළු පරිමාණ ව්‍යවසායකයන් ලෙස හඳුන්වන්නේ වාර්ෂික පිරිවැටුම මිලියන 25ත් 250ත් අතර වන සේවක සංඛ්‍යාව 10 සිට 50 අතර වන ව්‍යාපාරයි.

මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ලෙස හඳුන්වන්නේ වාර්ෂික පිරිවැටුම මිලියන 250 සිට 750 දක්වා වන සේවක සංඛ්‍යාව 51 සිට 300 දක්වා වන ව්‍යාපාරයි.

ඔබ බැංකුව විසින් සලසා ඇති අනෙකුත් සේවාවන් පිළිබඳව සඳහන් කළොත්?

ලීසිං පහසුකම්, ඉතුරුම් පහසුකම්, වැඩි පොලියක් ලබාදෙන ස්ථාවර ගිණුම් පහසුකම් , කාන්තා හා ළමා ඉතුරුම් ගිණුම් පහසුකම් අප සතුයි. අඩුම ලීසිං වාරිකයකට ලීසිං පහසුකම් දෙන්නේ අප බැංකුවේ පමණි. ආපසු ගෙවීමට වසර 7ක කාලයක් ලබාදීමට අපි කටයුතු කරනවා.

ඔබ පැවසුවා බලශක්ති ඌනතාවයට පිළියම් සෙවීමේ ජාතික කර්තව්‍යයට ඔබ පිළියම් යොදා ඇති බව. ඒ සඳහා සකසා ඇති අපගේ ප්‍රමුඛතම ණය යෝජනා ක්‍රමය වන්නේ “රිවිබල සවිය” ණය යෝජනා ක්‍රමයයි.

ගෘහස්ථව විදුලි බලයෙන් සූර්ය ශක්ති බලයට මාරුවීමට අවශ්‍ය සූර්ය කෝෂ හා උපකරණ මිලදී ගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබේ. මෙහි මූලික අරමුණ වන්නේ යටිතල පහසුව සඳහා වන පිරිවැය අවම කිරීමයි.

ඔබ ආයතනයේ සේවාවන් පිළිබඳව පවතින මහජන දැනුවත් කිරීම් හා ප්‍රචාරණය පිළිබඳව සැහීමකට පත්වෙනවාද?

ඒ සඳහා අපගේ සැලසුම වන්නේ කණ්ඩායම් වශයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමයි. පසුගිය කාලයේ අප මහනුවර දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් එවැනි දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ කීපයක්ම පැවැත්වූවා. අපගේ ශාඛා කාර්යාලය හරහා සිදුකළ දැනුම් දීමට අනුව විශාල පිරිසක් සම්මන්ත්‍රණ සඳහා සහභාගීවී සිටියා. ක්‍රමානුකූලව රටපුරාම එවැනි දැනුවත් කිරීම් දියත්කිරීම සඳහා සැලසුම් සකස්කර තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල ඇති අවශ්‍යතා සැලකිල්ලට ගෙන අපගේ සේවාවන් පුළුල් කිරීමයි අරමුණ.

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න