හෙලීස් වසර 140ක විශිෂ්ට මෙහෙ­වර සම­රයි | දිනමිණ

හෙලීස් වසර 140ක විශිෂ්ට මෙහෙ­වර සම­රයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුජාතික සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන හේලීස් පී.එල්.සී. මේ වසරේ දී සිය ව්‍යාපාරික විශිෂ්ටත්වයේ 140 වැනි වර්ෂයට පා තබන ලදි.

1878 වසරේ දී ගාල්ලේ දී ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ චාස්. පී.හේලී මහතා හේලීස් සමූහයේ පුරෝගාමී චරිතය වූ අතර ආරම්භයේ දී වටිනා භාණ්ඩ ආනයනය කිරීම සහ කොහු, කුළු බඩු, සහ අත්‍යවශ්‍ය තෙල් වර්ග අපනයනය සිදු කරන ලදි.

ගත වූ වසර 140 තුළ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ හේලීස් ව්‍යාපාර සමූහය සිය නිෂ්පාදන සහ අලෙවිකරණ යාන්ත්‍රණය ක්ෂේත්‍ර 16ක් ඔස්සේ කරමින් ලෝකයේ කලාප 5ක් තුළ ස්ථාපනය කිරීමට සමත් වී ඇත. වර්තමානය වන විට ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අග්‍රගන්‍ය ස්ථානයක් හිමිකර ගනිමින් ඩොලර් බිලියනයක පිරිවැටුමක් ලද ප්‍රථම ලැයිස්තු ගත ශ්‍රී ලාංකීය සමාගම බවට පත් වීමට ද හේලීස් සමූහයට හැකි වූ අතර, මෙරට අපනයන ආදායමෙන් 3.3‍%ක ප්‍රතිශතයක් හෙලීස් සමූහය විසින් ලබා දෙයි.

‘වසර 140ක අපගේ අභිමානවත් ව්‍යාපාරික ගමන් මඟ තුළ ශක්තිමත් වර්ධනය, වේගවත් ඉදිරි ගමන සහ නවෝත්පාදනය යන සාධක අපගේ සෑම ව්‍යාපාරික ක්ෂේත්‍රයක් තුළම අන්තර්ගත වුණා. එමෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය, ව්‍යාපාරික සහකරුවන් සහ ඉහළ කළමනාකාරීත්වය අතර පවතින දිගුකාලීන සබඳතාව, නව ව්‍යාපාරික ක්ෂේත්‍රයන් සඳහා සිදු කරන උපායමාර්ගික ආයෝජනයන් සහ සමස්තයක් ලෙස ශ්‍රී ලාංකීය ආර්ථිකයට සහ අපනයන සංවර්ධනයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් හේලීස් සමූහයෙන් ලබා දී තිබෙනවා‘ යනුවෙන් හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පැවැසීය.

නව අදහස දක්වන්න