Grains.lk Agri Business වෙතින් ගුණා­ත්මක දේශීය ආහාර පෙළක් | දිනමිණ

Grains.lk Agri Business වෙතින් ගුණා­ත්මක දේශීය ආහාර පෙළක්

වස විසෙන් තොර ආහාර පරිභෝජනය පිළිබඳ මෑත කාලයේ බහුල වශයෙන් කතාබහට ලක්වේ. ඒ පිළිබඳ කටයුතු කරන වැඩසටහන් රැසක් මේ වන විට දීපව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ යටතේ, පාරම්පරික සහල් වගාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුවෙමින් පවතී. පාරම්පරික සහල් වගා කටයුතුවල නිරතවන ගොවියන් දිරිමත් කිරීම වෙනුවෙන් විවිධ කටයුතු රට පුරා ක්‍රියාත්මක වන අතර ප්‍රමිතිගත සෞඛ්‍යාරක්ෂිත පාරම්පරික සහල් වර්ග වෙත පාරිභෝගික ජනතාවගේ අවධානය යොමුව තිබේ. පාරම්පරික සහල් වර්ග මෙන් ම ශ්‍රී ලාංකේය බිමෙන් නෙළාගන්න්නා දේශීය ඇට වර්ග, පළා වර්ග සහ එළවළු වර්ග වෙත ද පාරිභෝගික ජනතාව වැඩි අවධානයක් යොමුකරන කාලයකි මේ.

පාරම්පරික වී ගොවිතැන දියුණු කිරීම වෙනුවෙන් රජය විශේෂ වැඩසටහන් ක්‍රියාවට නංවන අතර පෞද්ගලික අයාතනවල මැදිහත්වීම ද ඊට යොමුවේ.

ප්‍රමිගතව නියමිත ක්‍රමවේදයන් සහිතව පාරම්පරික ගොවිතැන සිදුකිරීමේ දී ලැබෙන අස්වැන්න වෙනත් සහල් සමග සසඳා බැලීමේදී ප්‍රමාණාත්මකව අඩු වුවද එය ගුණාත්මකව ඉතා ඉහළ මට්ටමක පවතී. මේ නිසා ම නිවැරදි දේශීය සහලට, සැපයිය නොහැකි ඉල්ලුමක් පවතී. ඒ ඉල්ලුම සපුරාලීමට විවිධ පෞද්ගලික ආයතන සක්‍රීයව දායක වේ. ඒ අතර Grains.lk Agri Business ආයතනය, අන්තර්ජාලය සහ සමාජ ජාල අතර සැරිසරමින් පාරම්පරික සහල් සහ දේශීය ධාන්‍ය වර්ග භාවිතයේ වැදගත්කම ඉස්මතුකරමින් එම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත විශ්වසනීයව ලබාදීමට කටයුතු කරයි.

පාරම්පරික සහල් අතර ඉහළින්ම වැජඹෙන සුවඳැල්, පච්චපෙරුමාල්, රන්කහවනු, මඩතවාලු, කලුහීනටි, කුරුලුතුඩ ඇතුළු පාරම්පරික සහල් සහ දේශීය ධාන්‍ය වර්ග වන කව්පි, මුංඇට, මෙනේරි, ඕලු හාල්, තණහාල් ආදිය දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබන එම ආයතනය, පාරම්පරික වී වගාකරන ගොවියන් සහ දේශීය ධාන්‍ය වගාකරුවන් සමග එක්ව විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවයි.

වස විස අවම නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබාදීම මුඛ්‍ය අරමුණ බවට පත්කොටගත් Grains.lk ඉදිරියේදී ඔවුන්ගේ නිෂ්පාදන පෙළ දිවයින පුරා බෙදාහැරීම සඳහා නියෝජිතයන් පත්කිරීමට ද බලාපොරොත්තු වේ.

රට පුරා සංචාරයකින් අනතුරුව තෝරාගත් ගොවීන්ගෙන් ලබාගන්නා කෘෂි නිෂ්පාදන පමණක් මෙම කටයුතු සඳහා යොදාගැනීම විශේෂත්වයකි. ඒ ක්‍රියාවලිය හරහා ප්‍රමිතිය රඳවා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

Òඇත්තටම මේ ආයතනය පරිසර හිතකාමීන් කිහිපදෙනකුගේ වෑයමක ප්‍රතිඵලයක්. අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ වස විස අවම ආහාර ජනතාවට ලබාදෙන්න. නිවැරදිවම කියනවනම් අපේ දරුවන්ගේ පරම්පරාවේ ශරීරගතවන වස විස අවම කිරීම වෙනුවෙන් තමයි අපි මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ. වස විස නැති පරිසරයක් එක වර තැනීම පහසු නැහැ. ඒ නිසයි අපි කියන්නෙ අපේ නිෂ්පාදන වස විස අවම කියල. අපි නිෂ්පාදන මිලදී ගන්න ගොවියන්ගෙ ප්‍රමිතිය සහ කෘෂි ක්‍රියාවලිය පිළිබඳ අප නිතර අවධානයෙන් ඉන්නවා. ඒ වගේම කල්තබා ගැනීමේ ද්‍රව්‍යත් අපි නිෂ්පාදනවලට එක් කරන්නෙ නැහැ.

ඇතැම් නිෂ්පාදනයන් කල් තබාගැනීමට අධික රසායනික ද්‍රව්‍ය යොදනවා. ඒ නිසා බොහෝ කලක් ඒවා තබා ගන්නට පුළුවන්. ඒ වගේම පාරම්පරික සහල් ඉල්ලුමට සැපයුම දෙන්න ඇතැම් වෙළෙන්දන් වෙනත් සහල් කලවම් කරනවා. ඒ නිසා ඒ සහල් ඉතා අඩු මිලට දෙන්නට පුළුවන්. අප ආයතනය ආරම්භයේ සිටම අවංකව කටයුතු කරනවා. මොකද මේ හැමදේම වැඩිපුරම ආහාරයට ගන්නේ දරුවන්. ඒ නිසා අපි නිතර ප්‍රමිතිය සහ ගුණාත්මක බව රකිනවා.

දිවයින පුරා ප්‍රමිගත සහල් සැපයුම්කරුවන්ට සහ පැකට් කළ ධාන්‍ය වර්ග අළෙවි කරන ඒජන්තවරුනට අවස්ථාව ලබාදෙන්නටත් අපි සූදානම්.

ඒ වගේම grains.lk වෙබ් අඩවිය සහ ෆේස්බුක් සමාජ ජාල පිටුව හරහා පාරම්පරික සහල් සහ දේශීය ධාන්‍යවර්ග පිළිබඳවත් ඒවාහි ගුණ අගුණ ගැන වගේම දේශීය ධාන්‍ය සහ පාරම්පරික සහල් යොදාගනිමින් ආහාර පිළියෙළ කරගන්නා ආකාරයත් වීඩියෝ සහිතව ඉදිරිපත් කරමින් නව කතිකාවක් ජනගත කිරීමට අප සැලසුම් කොට තිබෙනවා. දැනට දිවයින පුරා පාරිභෝගිකයන් රැසක් අප සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා.

ප්‍රමිගත සහල් වෙළෙඳපොළ ඉල්ලුමට අනුව සැපයීම අපහසු කටයුත්තක්. මෙම වී වගාවෙන් ලබාගන්නා සහල් ප්‍රමාණය අනෙක් ඒවාට සාපේක්ෂව ඉතා අල්පයි. නමුත් ගොවියන් මේ සහල් නිෂ්පාදනය වෙනුවෙන් විශාල කැපවිමක් කරනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ප්‍රණාමය සහ ප්‍රතිලාබ ලැබිය යුතුයි. මේ කැපවීම නිසාම ප්‍රමිතිගත ගුණාත්මක සහල් තරමක් මිලෙන් වැඩිවෙනවා. එනමුත් මෙම සහල් සහ ධාන්‍ය ආහාරයට ගැනීමෙන් මසකට ලෙඩ රෝග වෙනුවෙන් වැයකරන මුදල කපාහරින්නට පුළුවන්.

මෙම ව්‍යාපාරයේ නියැලිලා ඉන්න හැමදෙනාම අවංක වෙනවා නම් අපට සෞඛ්‍ය සම්පන්න සමාජයක් තනන්නට පුළුවන්.”

එසේ අදහස් දක්වනු ලබන්නේ Grains.lk Agri Business ආයතනයේ සාමාන්‍යාධිකාරි දෙනුවන් විජේවර්ධනයි.

වස විස අවම දේශීය ධාන්‍ය වර්ග සහ පාරම්පරික සහල් වර්ගවල වටිනාකම් පිළිබඳ ජනතාව තුළ දැනුම සහිත කතිකාවතක් අන්තර්ජාල හරහා ජනගත කිරීම සඳහා ඔවුන් විසින් grains.lk වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරමින් පවතින අතර ඔවුනගේ ෆේස් බුක් පිටුව ද ජනතාවට පාරම්පරික සහල් සහ දේශීය ධාන්‍ය වර්ග පිළිබඳ තොරතුරු ලබාදීම මෙන්ම මිලදීගැනීමට ඇති ස්ථාන පිළිබඳ දැනුවත් කිරීමට සූදානම් කරමින් පවතී.

වස විසෙන් තොර පළවැලින් බර සශ්‍රීක හෙට දවසක නිරෝගී පුරවැසියකු බිහිකිරීමට සක්‍රීය දායකත්වය ලබාදීම Grains.lk Agri Business ආයතනයේ බලාපොරොත්තුවයි.

නව අදහස දක්වන්න