‘බුදුන්ගේ රස්තියාදුව’ ගැන පොලිස් පරීක්ෂණ | දිනමිණ

‘බුදුන්ගේ රස්තියාදුව’ ගැන පොලිස් පරීක්ෂණ

විජයානි එදිරිසිංහ

‘බුදුන්ගේ රස්තියාදුව’මැයෙන් රචිත පොත සම්බන්ධයෙන් පොලිස් මුලස්ථාන අපරාධ අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. උසස් අධ්‍යාපන සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කළ පැමිණිල්ලක් මත පොලිස්පතිවරයා පොලිස් මූලස්ථාන අපරාධ අංශය හරහා මෙම පරීක්ෂණය සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

පසුගිය 20වැනි දා අමාත්‍යවරයා එම පොත පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිල්ල කර තිබුණි. ඊට පසු දින එනම් 21 වැනි දින පොලිස්පතිවරයා එම පරීක්ෂණ ආරම්භ කිරීමට අදළ අංශයට උපදෙස් ලබා දී ඇත. මේ වන විට ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුවෙමින් පවති.

අදහස් 1ක් ඇත

මේ බලු ආණ්ඩුව ඉන්නකම් රටයි ජාතියයි නොව ආගමත් එක්ක විනාස වෙනවා ඔවුන්ට ඒ ගැන තැකීමක් නෑ

නව අදහස දක්වන්න