හිටපු ජනපති සොයුරුගේ දේහයට අවසන් ගෞරව | දිනමිණ

හිටපු ජනපති සොයුරුගේ දේහයට අවසන් ගෞරව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ එක්විය.

ඒ, දේහය තැන්පත් කර ඇති වීරකැටිය - මැදමුලන නිවසේදියි.

අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

එම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.


නව අදහස දක්වන්න