ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම වියට්නාම යුද ප්‍රවීණයෙකු වූ සෙනෙට් සභික ජෝන් මැකේන් අද අලූයම අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වියේ පසු වූ අතර 2017 ජූලි මාසයේ සිට මොළයේ පිළිකාවකින් පීඩා විඳි බවයි ඔහුගේ පවුලේ ඥාතීහු පවසා ඇත්තේ.

2000 වසරේදී ජෝජ් ඩබ්ලිව්. බුෂ්ට අපේක්ෂකත්වය අහිමිවුව ද, 2008 වසරේදී ඔහු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සුදුසුකම් ලැබීය.

එහෙත් ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමා වෙතින් ජනාධිපතිවරණයේදී පරාජයට පත්විය.


නව අදහස දක්වන්න

Or log in with...