අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට | දිනමිණ

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 503 සමඟ පුද්ගලයෙකු අළුත්කඩේ අබ්දුල් හමීඩ් වීදියේදී වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
මෙම මත්ද්‍රව්‍ය රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුක්තය.  
 
අදාළ සැකකරු ත්‍රී රෝද රථයකින් වැල්ලම්පිටිය ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහානය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය. 
 
වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීමට සිදු කර තිබේ.
 
මෙම සැකකරු අද(28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
 

නව අදහස දක්වන්න