අගමැති - ඇලිස් වෙල්ස් අතර හමුවක් | දිනමිණ

අගමැති - ඇලිස් වෙල්ස් අතර හමුවක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් (H.E. Alice Wells) මහත්මිය 27 වන දා හැනොයි නුවර ෂෙරටන් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
 
ඉන්දීය සාගර සමුළුව යහපත් ප්‍රවේශයක් සඳහා යොමු වුණු අතිශය වැදගත් ප්‍රයත්නයක් බව වෙලස් මහත්මිය පැවසුවාය.
 
ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ආර්ථික, දේශපාලන හා සමාජයීය ප්‍රවණතා පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කෙරිණ.
 
ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ අමාත්‍යංශයේ සාගර සහ දේශගුණික ඒකකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සශිකලා ප්‍රේමවර්ධන, සහකාර ලේකම් රුවන් ගුණවර්ධන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූහ.
 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න