ගලහ රෝහල නොසන්සුන් වෙයි - ආරක්ෂාවට පොලීසිය | දිනමිණ

ගලහ රෝහල නොසන්සුන් වෙයි - ආරක්ෂාවට පොලීසිය

ගලහ රෝහලට ඇතුලත් කළ කුඩා දරුවෙකු මිය යැමේ  සිද්ධියකින් පසු, රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.
 
ආගමික උත්සවයකට සභාගී වී සිටියදී ඇති වු හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් වයස අවුරුදු 3 හමාරක් වු පිරිමි දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමේ දී ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් රෝහල් භූමියේ සිටි ජනතාව මෙලෙස කුපිත වී ඇති බව වාර්තා වේ. 
 
ඒ අනුව මේවන විට රෝහලේ ආරක්ෂාවට පොලීසිය යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 

නව අදහස දක්වන්න