දිවයිනට ආසන්නයෙන් ඉර මුදුන් වෙයි | දිනමිණ

දිවයිනට ආසන්නයෙන් ඉර මුදුන් වෙයි

 සූර්යයා, ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඉහළින් අද (28) සිට සෘජුව මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

අද සිට ලබන 07 වන දා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ සෘජුව පවතින බව එම දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අනුව කලපුමී, කෝන්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට ඉහළ අහසේ අද සූර්යයා මුදුන් වනු ඇති.

මේ අතර ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වලට පස්වරුවේ මිලිමීටර් 50 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

නව අදහස දක්වන්න