ඉන්දුනීසියාව යලිත් සෙලවෙයි | දිනමිණ

ඉන්දුනීසියාව යලිත් සෙලවෙයි

ඉන්දුනීසියාවේ නුෂා ටෙන්ගාරා ප්‍රාන්තයේ නැගෙනහිර මුහුදේ මැග්නිටියුඩ් ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරන්නේ, මෙම භුමිකම්පාව මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇති බවයි.

එහි ප්‍රබලත්වය ඉන්දුනීසියාවේ සෙසු දුපත් වලට පමණක් නොව උතුරු ඕස්ට්‍රේලියානු වෙරළ කලාපයටද දැණුනු බව ද එම වාර්තා සදහන් කරයි.

භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් ඉන්දුනීසියානු බලධාරීන් විසින් නිකුත් කර නොමැත.

නව අදහස දක්වන්න