වනජීවි නිලධාරීන්ට පහරදුන් 10ක් රිමාන්ඩ් | දිනමිණ

වනජීවි නිලධාරීන්ට පහරදුන් 10ක් රිමාන්ඩ්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පුද්ගලයින් 10 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගකට අනුවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ඊයේ පස්වරුවේ හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

මේ අතර අද හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමේන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම පුද්ගලයින් අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද සිටින බවද වාර්තා වෙයි

පසුගිය 26 වනදා මින්නේරිය ජාතික විනෝද්‍යානය තුළ නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ධිවරයින් පිරිසක් විසින් එම වනජිවි නිළධාරින්ට පහරදී අදාළ පුද්ගලයින් දෙදෙනා රැගෙන ගොස් තිබුණි.

නව අදහස දක්වන්න