නිදහස් වෙ‍ළඳ ගිවිසුම් - විද්වතුන්ගේ සහාය අවශ්‍යයි | දිනමිණ

නිදහස් වෙ‍ළඳ ගිවිසුම් - විද්වතුන්ගේ සහාය අවශ්‍යයි

අනුර ප්‍රේමලාල්

රටවල් දෙකක් අතර නිදහස් වෙළඳ ගිවිසුම් සකස් කිරීමේ දී විවිධ වෘත්තීන් පිළිබඳ දැනීමක් ඇති විද්වතුන් සහභාගී විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(28) කොළඹ 8, පුංචි බොරැල්ල ශ්‍රී වජීරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය........ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සකස්කිරීමේ දී විද්වතුන් සහභාගීවී වුණාදැයි සැකයක් මතුවෙනවා.

එබැවින් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ නැවත සමාලෝචනයක් සිදුකළ යුතුයි.

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් අපි පසුගිය කාලයේ දී විශාල හඬක් නැගුවා. අපිට වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකාව අතීතයේදීත් වෙළඳ ගිවිසුම් අත්සන් කළා. අනාගතයේදීත් වෙළඳ ගිවිසුම් අත්සන් කරාවි. නමුත් මෙම වෙළඳ ගිවිසුම සේවා අංශය, වෙළඳාම හා ආයෝජන අංශ තුනට ඍජුවම බලපානවා. ඒ සම්බන්ධයෙන් තිබෙන සැකය නැතිකර ගතයුතුයි.

මෙම නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විවේචන එල්ලවීම නිසා ගිවිසුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක්පත් කළා. එම කමිටටුව මෙතෙක් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපිව දැනුවත් නැහැ. නීතීඥ, වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තීන් හැරණු විට අනෙක් අංශ සඳහා එයටම අනන්‍යවූ නීති රෙගුලාසි නැහැ. එවැනි අවස්ථාවක දී සංචාරක වැනි ක්‍ෂේත්‍රයන් විවෘත කිරීමෙන් ඒවා ආරක්‍ෂාකර ගැනීමට අසීරුවක් තිබෙනවා. ඒ නිසා සේවා අංශය ආරක්‍ෂාකර ගැනීම සඳහා නීති රෙගුලාසි ඇතුළත් කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවැසීය...

මේ මස 18 වැනිදා සිංගප්පූරුවේ පළවන ද බිස්නස් ටයිම්ස් වීක්එන්ඞ් නමැති සඟරාවේ සඳහන් වන ආකාරයට සිංගප්පූරුව තමන්ගේ කැළිකසළ ප්‍රශ්න විසඳීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා මෙසේ පැවැසීය.....

රුපියලේ අගය සියයට පහකින් බාල්දුවීම නිසා මෙරට ආර්ථිකය ලබන වසර වනවිට සම්පූර්ණයෙන්ම කඩා වැටේ යැයි අපිට බයක් තිබෙනවා. රුපියල බාල්දුවීම නිසා රුපියල් බිලියන 31 ණයක් ගෙවන්න සිදුවෙනවා. පසුගිය වසර සමඟ සංසන්දනය කරන විට වෙළඳ පරතරය වර්ධනය වනවා මිස අඩුවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. කොටස් වෙළඳපොළේ විදෙස් ආයෝජන අයින්කරගන්නවා. රටේ වත්මන් ආර්ථික ක්‍රමය පිළිඳව ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් අවබෝධයක් නැති බව මින් පෙන්නුම් කෙරෙනවා.

නව අදහස දක්වන්න