දරුවකු මිය යෑමෙන් ගලහ රෝහලට ගල්මුල් ප්‍රහාර | දිනමිණ

දරුවකු මිය යෑමෙන් ගලහ රෝහලට ගල්මුල් ප්‍රහාර

විජයානි එදිරිසිංහ
අසේල කුරුළුවංශ

අසාධ්‍ය තත්ත්වයෙන් ගලහ ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ආ වයස අවුරුදු 1 1/2 ක දරුවකු ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වීම නිසා මියගිය බව පවසමින් ගලහ දෙල්තොට වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදහසක පමණ පිරිසක් ඊයේ (28) දහවල් රෝහල වටලා එහි දේපොළ වලට පහරදී අලාභහානි සිදු කිරීම නිසා ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් ඇති විය.

මෙම පිරිස රෝහලේ වෛද්‍යවරයා සොයමින් රෝහල තුළට ඇතුළු වී එහි ජනෙල් දොරවල් හා වෛද්‍ය උපකරණ වලට මෙන්ම වෛද්‍යවරයාගේ මෝටර් රථයටද අලාභහානි සිදු කර තිබේ.

රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ආ දරුවා පැය දෙකක පමණ කාලයක් රෝහලේ සිටියත් කිසිදු වෛද්‍යවරයකු රෝගීයා පරීක්ෂා නොකළ බවත් අසාධ්‍යය තත්ත්වයේ සිටි රෝගියා පේරාදෙණිය රෝහලට රැගෙන යෑමට ගිලන්රථයක් හෝ එහි නොතිබූ බවත් මියගිය දරුවාගේ දෙමව්පියෝ පවසති.දරුවා රෝහලට ඇතුළත් කැර සිටියදී හිසේ තුවාල සහිතව රෝහලට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනකු රෝහලේ ගිලන් රථයෙන් පේරාදෙණිය රෝහලට මාරුකර යැවූ බවත් එම අවස්ථාවේ වෛද්‍යවරු දරුවා මාරු කර යැවීමට පියවර ගත්තේ නම් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට තිබූ බවත් ප්‍රදේශවාසීහූ පවසති

ත්‍රිරෝද රථයකින් දරුවා පේරාදෙණිය රෝහලට රැගෙන යන අවස්ථාවේ මියගොස් තිබෙන අතර ඉන් පසු ප්‍රකෝප වූ පිරිස් රෝහලට පහර දීමට පියවර ගෙන තිබේ.

මියගොස් ඇත්තේ සංකර් සුජී නැමැති වයස අවුරුදු 1 1/2 ක දරුවෙක් බව පොලීසිය පවසයි.

නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන අංශය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇත.

මෙම ළමයා උණ රෝගය උත්සන්න වීමත් සමඟ ඇති වූ වලිප්පු තත්ත්වයක් සමඟ රෝහල් ගතකර තිබෙන බව දැන ගන්නට තිබෙන බවත් දරුවාට ප්‍රතිකාර ලබාදීම රෝහල මඟින් ප්‍රමාද කර තිබෙන්නේද යන්න සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කරන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය කීවාය.

හිසේ ඇතිවූ තුවාල හේතුවෙන් රෝහලට ඇතුළත් කළ රෝගීන් දෙදෙනෙකු ගිලන් රථයෙන් පේරාදෙණිය රෝහලට රැගෙන යාම නිසා දරුවා රැගෙන යාමට ගිලන් රථයක් නොතිබි ඇති බවට තොරුතුරු දැන ගන්නට ලැබුණු බවද ඇය කීය.

මෙම රෝහලේ වෛද්‍යවරු වහාම වෙනත් රෝහලකට මාරුකර යැවීමට කටයුතු කළ බව වෛද්‍ය සමරසිංහ මහත්මිය කීවාය.

ගලහ සමූහ

අදහස් 1ක් ඇත

lamaya maruna wenna puluwna ubala doctor ta kochchara gahuwath kamak na eth ubalata hospital eka kadanna aithiyak na.mokada eka Podu depalak.mokada hospital eka gedarin genawe nane ubala.eka athakata thopi wage kalakanninge lamai marena eka ganasathutu wenawa mama

නව අදහස දක්වන්න