එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා | දිනමිණ

එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා

ශ්‍රී ලාංකිකයින්ගේ සැඟවුණු ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම කෙරෙහි යොමුවූ වැඩසටහනකි. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම” යැයි සඳහන් කිරීම නිවැරදියි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනු ණය යෝජනා ක්‍රම 16කින් යුතු මුල්‍යමය පහසුකම් හා සමාගම් ස්ථාපිත කිරීම , මුල්‍ය පොත්පත් පවත්වාගෙන යාම, වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිමිලදී ගැනීම් කටයුතු, තාක්ෂණය මුසු කිරීම සඳහා ව්‍යවසායකයින්ට දිරිදෙන යෝජනාක්‍රමයකි. මුල්‍ය නොවන පහසුකම් ලබාදීමට මින් සැපැයෙන දිරිය විශාලය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ශක්තිමත් පුද්ගලික අංශයේ ව්‍යාපාර සඳහා පමණක් නොව රටේ ආර්ථික රාමුවේ ඉදිරි ප්‍රමුඛ බලවේගයක් වන ක්ෂුද්‍ර ව්‍යාපාර, ස්වයං රැකියාලාභීන්, තරුණ ව්‍යවසායකයින්, කාන්තා ව්‍යවසායකයින්, සහ ආබාධිත ව්‍යවසායකයින් සඳහා පහසුකම් සලසනු ලැබේ.

එමෙන්ම මෙම වැඩසටහන ‍ මඟින් සමාජයේ සමහර තෝරාගත් කණ්ඩායම වන වඩාත් සුරක්ෂිත පාසල් සේවාවක් ස්ථාපිත කිරීම සඳහා පැරණි වෑන්රථවල සිට ආසන 32 හෝ ඊට වැඩි බස්රථ වෙත මාරුවීමට කැමැති පාසල් සේවා සපයන වෑන්රථ හිමියන්ටත්, අඩු ආදායම්ලාභී කණ්ඩායම්වලට තම නිවාස නිම කිරීමට හෝ වැඩිදියුණු කිරීමට සහ අවශ්‍ය මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ජනමාධ්‍යවේදීන්ට ද මෙමඟින් පහසුකම් සලසනු ලැබීම විශේෂවේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන තේමාව යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක්ද, විදේශීය මුල්‍ය ආයතන විසින් අරමුදල් සම්පාදනය කර ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිමුල්‍ය ණය යෝජනා ක්‍රම 03ක්ද, මුල්‍ය හා මුල්‍යමය නොවන පහසුකම් ලබාදෙන වැඩසටහන් 02ක්ද ඇතුළුව යෝජනා ක්‍රම 16ක් ක්‍රියාත්මකයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රටෙහි ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වැදගත් උපායමාර්ගික ක්ෂේත්‍රයක් බවටත් ජාතික ආර්ථිකයේ කොඳුනාරටිය ලෙසටත් රජය හැඳිනගෙන තිබේ. ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” තුළින් රටේ නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට ජවය සැපැයෙන බව කිවයුතුයි.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්. පී.එම්. බී. අතපත්තු

 

 

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න