පොලිස්පතිට සහ කොමිසමට ව්‍යවස්ථා සභාවෙන් කැඳවිමක් | දිනමිණ


 

පොලිස්පතිට සහ කොමිසමට ව්‍යවස්ථා සභාවෙන් කැඳවිමක්

ජාතික පොලිස් කොමිසන් සභාවට සහ පොලිස්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කැඳවීමට කථානායක කරූ ජයසූරිය තීරණය කර තිබේ.

ඒ ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැඟී ඇතැයි වාර්තාවන පරස්පරතා පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

කථානායක මාධ්‍ය අංශය කියා සිටියේ ඒ අනුව ලබන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට මෙම දෙපාර්ශවය කැඳවා ඇති බවයි.

නව අදහස දක්වන්න