සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන්ට මුගාබේගෙන් සුබපැතුම් පතක් | දිනමිණ

සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන්ට මුගාබේගෙන් සුබපැතුම් පතක්

සිම්බාබ්වේ නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් එමර්සන් මනන්ගග්වාට සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ විසින් සුබ පතමින් එවූ ලිපියක් එම දිව්රුම් දීමේ උත්සයේ දී කියවනු ලැබූ බව වාර්තා වේ.

මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ එරට ජාතික ක්‍රීඩාංගනයේ දීය.

දිවුරුම් දීමේ උත්සවය සඳහා තමාට සහ භාර්යාවට ආරාධනා කිරීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත්, තම බිරිඳ සිංගප්පූරුවේ අසනීපයෙන් පසුවන අතර තමන් ද අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් මෙම අවස්ථාව සඳහා දියණිය බෝනා සහ ඇගේ සැමියා තමන්ව නියෝජනය කරනු ලබන බවත් සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම උත්සවයේ දී ඔහු සඳහන් කළේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමටත් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසාත් ඔහු කැපවීමෙන් කටයුතු කරන බවයි. තවද ජාත්‍යන්තරයත් සමග ක්‍රියා කරමින් ආර්ථික වර්ධනයට ඉවහල් වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තම රජය කටයුතු කරන බවද ඔහු මෙහි දී ප්‍රකාශ කළේය.

පසුගිය ජූලි මාසයේ පැවති සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් මනන්ගග්වා ඡන්ද 50.67% ක ප්‍රතිශතයක් හිමි කර ගත් අතර ඔහුගේ ප්‍රතිවාදී පක්ෂයේ නෙල්සන් චමිල්සා ඡන්ද 44.3% ප්‍රතිශතයක් හිමි කර ගත්තේය.

 

නව අදහස දක්වන්න