දරුවන් හැල්මේ දුවවන මහනුවර ටියුෂන් | දිනමිණ

දරුවන් හැල්මේ දුවවන මහනුවර ටියුෂන්

ඉන්දික පොල්කො­ටුව

ලොව සෑම රටකම ප්‍රමඛතම අවධානය යොමු වන විෂයන් අතුරින්ද ඉහළින්ම පවතිනනේ අධ්‍යාපනය. ඒ රටක් ගොඩනැගෙන්නේ මෙන්ම එරට අනාගතයම රදා පවතිනනේ එහි අධයාපන ක්‍රියාවළිය තුළින් නිසාවෙනි. අතීතයේ සිට සාක්ෂරතාව අතින් ආසියවේ ප්‍රමුඛතම රාජ්‍යක් ලෙස සැළකෙන අපේ රටෙහි අධයපනය ඉහළට ගෙන ඒමට නිදහසින් පසු සෑම ආණ්ඩුවක්ම පාහේ විවිධාකාර වැඩපිළිවෙළ ගෙන ආහා ඒ තුළින් සෑම ආණ්ඩුවකම අපේකෂාවවද වූයේ අධ්‍යාපනය ඉහළට ගෙන ඒමටය

ලොව අති උතුම්ම වෘත්තිය මෙන්ම අතිදුෂ්කරම වෘත්තියක ලෙසින් ගුරු වෘත්තිය සැලකෙන්නේ. ඒ නිසා ඈත අතීතයේ සිට ගුරුවරුන් හැඳින්වූයේ දෙවිවරුන් ලෙසය. මේ නිසාම ඔවුන්ට ගුරු දෙවිවරුන් ලෙස ආමන්ත්‍රණය කෙරිණි.සෑම වෘත්තියකම මාතෘ වෘත්තියද ලෙසින් ගුරු ක්ෂේත්‍රය හැඳින්වුවාට වරදක් නොවන්නේ සෑම වෘත්තිකයකුම බිහි වන්නේ ගුරුවරයකුගේ හෝ ගුරවරියකගේ මූලික සිප් සතරවලිනි.

ගරු වෘත්තියද ලොවට විවර වන්නේ බාල පරපුර දැනුමෙන් ඥානයෙන්,සිප් සතරින් සන්නද්ධ කිරීමටම පමණක් නොවේ.රටකට යහපත් ගුණ ගරුක සමාජයක් ගොඩනැංවීමට මෙන්ම ඒ තුළින් ජාතියේම අනාගතයට පණ පෙවීමටය.සැම දරුවකුගේම අනාගතය රැඳී ඇත්තේ ඔහුට හෝ ඇයට ලැබෙන්නා වූ අධ්‍යාපනයේ ප්‍රමාණය මත පදනම්වයැයි බොහෝ මවුපියන් ගොඩනගාගෙන ඇති මතය නිසාම අද වන විට මෙරට අධ්‍යාපනය තරගයක් බවට පත්ව ඇත.ක්‍රීඩා තරගයකට සූදානම් කරන්නා වූ පෙළගැස්මකට එහා ගිය සූදානමක් මේ අධ්‍යාපන තරගයට දරුවන් යොමු කිරීමට මවුපියන් පෙළඹ වි සිටී.

මහනුවර මෙරට දෙවන අග නගරය ලෙසින් සැලකෙන නිසාත්, මෙරට අධ්‍යාපන කළාප 98ක් අතුරින් පළමු හෝ දෙවන ස්ථානයේ දිගින් දිගටම මහනුවර කළාපය රැදී සිටින නිසාත් කොළඹට නොදෙවෙනිව දරුවන් මහනුවර නගරයේ ප්‍රමුඛතම පාසලක් කරා ඇතුඵ කිරීමට මවුපියන් සැලසුම් කරන්නේ මෙන්ම උත්සාහ දරන්නේ එම දරුවන් මෙළොව එළිය දකින්නටත් පෙර සිටය. මේ සඳහා ඔවුන් කරන සැලසුම් උත්සාහ රටක් රාජ්‍යයක් දිනා ගැනීමට කරන සැලසුම් උත්සාහයන්ටද එහා ගොසිනි.ඒ වෙනුවෙන් ඇතැම් මවුපියන් ජීවිතයේ නොයන තැනක් නැති තරම්ය. හමු නොවන අයෙකු නොමැති තරම්ය. සියලු දුෂ්කරතා බිඳගනිමින් දරුවන් ප්‍රමුඛතම පාසලක් කරා ඇතුළු කළද යළිත් එදින සිට මවුපියන් උත්සාහ කරන්නේ දරුවන් යළිත් තරගයක් කරා ගෙන යාමයටය. එය අධ්‍යාපන තරගයයි.

ජනප්‍රිය බාලක පාසල් හතක්,බාලිකා පාසල් දොළහක් මෙන්ම තවත් මිශ්‍ර පාසල් රැසක් ක්‍රියාත්මක මහනුවර නගරයේ අද වන පවතින අධ්‍යාපන තරගයේ ඛේදවාචකයක් බවට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියට ඇතුඵ කරන දරුවා අධ්‍යාපන තරගයද ඉක්මවා ටියුෂන් තරගය කරා පෙළගැස්සවීමයි.

මේ ඛේදවාචකයේ බරපතළම තත්ත්වය වනුයේ මේ පාසල්හි උගන්වන ගුරුවරුන් පාසලෙන් පිට ටියුෂන් කිරීමයි.අද මෙය රැල්ලක් බවට පත්ව ඇත.මහනුවර නගරයේ සෑම පාසලකම පාහේ පහළ ශ්‍රේණිවල ගුරුවරු ගුරුවරියන් මේ ක්‍රියාවලියට අදවන විට ශීඝ්‍රයෙන් එක්වෙමින් තිබේ.ඔවුන් ඒ සඳහා නගරයේ නම ගිය උපකාරක පන්ති ආයතන ස්ථාන ලෙස යොදා ගනී. ඇතැමුන් වෙනත් ස්ථාන යොදා ගනී. ස්ථාන අනූව අය කිරීම්ද වෙනස් වේ.

ප්‍රාථමික අංශයන්හි මේ තත්ත්වය ඉතා භයානක අන්දමින් ක්‍රියාත්මක අතර ශිෂ්‍යත්වය ඉලක්ක වන 3,4,5 ශ්‍රේණියන්හි මෙය ඉහළ මට්ටමක පවතී.

ඇතැම් පාසල්හි පන්තිභාර ගුරුවරයා හෝ ගුරුවරිය මේ අන්දමන් පාසලෙන් පිටත උපකාරක පන්ති පවත්වන අතර ඒ සඳහා තම පන්තියෙහි දරුවන්ට පැමිණෙන ලෙස ඔවුන් එල්ල කරන්නේ දැඩි බලපෑමකි.නොපැමිණෙන දරුවන්ට වෙනත් අයුරකින් මෙන්ම පැමිණෙන දරුවන්ට විශේෂිත අයුරකින් මෙහිදී මේ ගුරුවරුන් ක්‍රියා කිරීම නිසා මහනුවර නගරයේ පාසල් පද්ධතිය අද මුහුණ පා ඇත්තේ අඳුර සෙවණැළිවලින් වෙලීගිය ශෝකාන්තයකටය.

මේවන විට සිදු කල සමීක්ෂණ මෙන්ම අනාවරණ අනුව නගරයේ පාසැල්හි ප්‍රාථමික අංශයන්හි බහුතර ගුරුවරුන් පිරිසක් මෙම ක්‍රියාදාමයට එක්ව ඇති අතර එනිසාම පාසැල් පද්ධතියේ අධ්‍යාපන ක්‍රියාවළිය පසුපසටත් ඉන් පිටත ටියුෂන් ක්‍රියාවළිය ඉදිරියටත් දමා ඇත්තේ මෙරට නිදහස් අධ්‍යාපනය තව තවත් වල පල්ලටම තල්ලු කරමිනි.

මෙම ක්‍රියාවලිය ජයටම කැරගෙන යන ගුරුවරු ඒ සදහා ටියුෂන් ක්ෂේත්‍රයේ නම පවත්වගෙන යන්නේ ජනප්‍රිය පාසැලේ නමට මුවා වීය.එනිසාම ඇතැම් ගුරුවරුන් කුමන හෝ මගකින් නගරයේ ජනප්‍රිය පාසැළක් ගුරුවරයකු වන්නනට නොගන්නා ප්‍රයත්නයකි නැත.මේ සදහාද ඇත්තේ තරගයකි.වෙනත් තරග වලට මෙන් ඒ සදහාද එයට අවතීර්ණ වන්නන් සොයනුයේ කෙටි මගවල්ය. කුමන හෝ අයුරකින් නගරයේ පාසැළකට එක් වන මෙම අයවඵන් විදුහල්පති හෝ ඉහළ බලධාරීන් සමග හිතවත්කම්පා තම ටියුෂන් වලට අදාළ විෂයන් පාසැල් විෂයන් සදහාම මෙන්ම තමන්ටම වෙන්වූ පංතිකද ලබා ගනී.මැළකිමක් නොදක්වා විදුහල්පතිවරුන් මෙන්ම අනෙකුත් බළධාරීන්ද ඒ වෙනුවෙන් උදව් උපකාර කරනුයේ ඔවුන් තමන්ගේ දරුවනගේ නැතිනම් .

සමීපතමන්ගේ දරුවනගේ ටියුෂන් ගුැරුවරුන් නිසාවෙනි.මේ ටියුෂන් ගුරුවරුන්ට පැසැළන්ද ලැබෙනුයේ ඉහළ සැළකිල්ලකි වෙලාව පහු වී පැමිණියද රතු ඉර නොවදී. ඕනෑම වේලාවක පැසැළෙන් පිටව යාමට හැකිය.කෙටි නිවාඩු වලංගු නැත.ටියුෂන් වල මුදල් යහමින් තිබෙන නිසා විදුහල්පති හෝ වෙනත් බලධාරීන්ටද මේ වෙනුවෙන් විමසිළිමත් වන අයටද ඇතැම් විට ඔවුන් මොණර කොළ කිහිපයක් වියදම් කරයි.ඉන්පසු මේ ටියුෂන් ගුරුවරුන්ට බාධා නොමැත.

මේ පිළිබදව අදහස් දක්වන මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා මෙය ඇත්තෙන්ම බරපළ ඛේදවාචකයකි.තවත් පැත්තකින් මාෆියාවකි.අද දෙමාපියන් තම දරුවන් මේ ගොදුරට තල්ලු කැර තිබෙනවා.දෙමාපියන් තමයි මෙයට ප්‍රධාන වලකිව යුත්තන් වනනේ මේ ටියුෂන් ගුරුවරුන් වර්ධනය කරනනේ දෙමාපියන්මය.ඔවුන් ඒ ගරුවරු මේ රැළ්ලට තල්ලු කැර තිබෙවා.

මේ වෙනුවෙන් විසදුම් ලෙස ඇතැම් ගුරුවරුන්ට පාසැළෙන් ස්ථාන මාරුවීම් ලබා දුන්නා.සමහරුනගේ පංති මාරු කළා.අවවාද කලා නමුත් තවමත් මෙය කියාත්මකයි.මමත් දකින විට මෙය වඩාත්ම තිබෙන්නේ ප්‍රාථමික අංශ වලට ඉහළ ශ්‍රේණි වලද නැතිවා නොවේ.මේ තත්තවයට වැඩියෙන්ම විසදුම් සෙවිය යුත්තේ දෙමිපියන්මය අද මහනුවර නගරයේ පවතින ඉහළ අධ්‍යාපන තරගකාරිත්වයද මේ සදහා දැඩිව බලපා තිබෙනවා.පවතින තත්ත්වය අවම කිරීමට මෙන්ම නැති කිරීම සදහා අවශ්‍ය පියවර ගැනිමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

පාසැළක ප්‍රාථමික අධ්‍යාපනයෙහි අවධි තුනක් තිබෙන අතර 1,2 ශ්‍රේණි මෙහි පළමු අවධියද 3,4 ශ්‍රේණි මෙහි දෙවනි අවධියද පස් වන ශ්‍රේණිය තුන්වන අවධියද වේ.මේ අවධි තුන සදහා ගුරුවරුන් තිදෙනෙකු අනිවාර්්‍යයි. එය එලෙස වනනේ ප්‍රථමික අධ්‍යාපන ක්‍රියාවළිය වඩාත් සාර්ථකය ක්‍රියාත්මක කිරීම උදෙසාය.නමුත් අද ඇතිව තිබෙන තරගකාරි ටියුෂන් අධ්‍යපානය නිසාම තම දරුවන්ගේ පංති භාර ගුරුවරයාද ටියුෂන් ගුරුවරයාද එක් අයෙකුම සිටනු දැකීමට දෙමිපියන් වඩාත්ම කැමති හෙයින් මේ අවධි තුනටම නැතිමනම් අවධි දෙකකට හෝ එකම ගුරුවරයා තබා ගැනීමට දෙමාපියන් විදුහල්පතිට විවිධාකාර බලපෑම් එල්ල කරයි ඇතැම් විට මේ සදහා දේශපාලන බලපෑම්ද එකතු කැර ගනී.

දරවන් තම උපකාරක පංති සදහා එවන ලෙස මෙම පාසැල් ගුරුවරු දෙමාපියන්ට විවිධාකාර බලපෑම් එල්ල කරන අතර ඇතමුන් එ් වෙනුවෙන් දරුවන් බිල්ලට යොදා ගනී.තමන්ගේ ටියුෂන් සදහා පැමිණෙන දරුවන්ට විශේෂිත සැළකිළි මෙහිදී හිමි වන අතර පංති නායක.ශිෂ්‍ය නායක,මෙන්ම විවිධ විෂය බාහිර ඉසව් සදහා මේ දරුවන්ට දක්වනුයේ විශේෂිතම සැළකිළිය.එය එක් පැත්තක ටියුෂන් වාසිය ඒ වගේම ඔවුන්ගේ ටියුෂන් නොයන දරුවන් ලැබෙන්නේ වෙන්ත් සැළකිළිය.සමහර දරුවන්ට මේ වෙනුවෙන් පීඩා විදීමට වන මානසික වේදනාව කායික වේදනාවට වඩා ඉහළයි.

ප්‍රාථමික අංශ වලට එහා ගිය වෙනස් තත්ත්වයක් මෙම පාසැල්හි අනෙකුත් ශ්‍රේණි වලින් දක්නට ලැබෙන අතර ඒවයේ 6,7,8 වැනි ශ්‍රේණිවල සිසුන් සදහා පංති භාර ගුරුවරුන් ටියුෂන් කරනුයේ එතරම් මහා පරිමාණයෙන් නොවේ නමුත් ඔවුන් ඉහළ මිල ගණන් අය කරමින් කුඩා කණ්ඩායම් පංති හා .තනි පුද්ගල පංති පවත්වයි මේවා සදහා යොමු කරනුයේ පංතියේ සිටින ඉහළම පවුල් වල දරුවන් ය එනිසා එම පංතියේ ඉතා විශාල දරුවන් පිරිසක් පංති භාර ගුරුවරයාගේ කොන්වීමට ලක් වේ. මෙය ප්‍රාථමික ළමුන්ටත් වඩා එල්ල වන බරපතළතම ඛේදවාචකයකි.

මෙම ක්‍රියාවළියේදි අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවනට මෙය එතරම්ම තර්ජනයක නොවන මට්ටමක් පවතී ඒ එම වයස්වල දරුවන් ටියුෂන් සදහා වැඩි වශයෙන් යොමු වන්නේ තමනගේ පංති භාර ගුරුවරයා වෙත නොව වෙනත් ජනප්‍රිය ගුරුවරුන් වෙත නිසාවෙනි.මේ සදහා එම වයස් දරුවන් නමගිය ආයතන මෙන්ම නම ගිය ගුරුවරුන් සොයා යයි.

ලොව සෑම රටකම ප්‍රමඛතම අවධානය යොමු වන විෂයන් අතුරින්ද ඉහළින්ම පවතිනනේ අධ්‍යාපනය. ඒ රටක් ගොඩනැගෙන්නේ මෙන්ම එරට අනාගතයම රදා පවතිනනේ එහි අධයාපන ක්‍රියාවළිය තුළින් නිසාවෙනි. අතීතයේ සිට සාක්ෂරතාව අතින් ආසියවේ ප්‍රමුඛතම රාජ්‍යක් ලෙස සැළකෙන අපේ රටෙහි අධයපනය ඉහළට ගෙන ඒමට නිදහසින් පසු සෑම ආණ්ඩුවක්ම පාහේ විවිධාකාර වැඩපිළිවෙළ ගෙන ආහා ඒ තුළින් සෑම ආණ්ඩුවකම අපේකෂාවවද වූයේ අධ්‍යාපනය ඉහළට ගෙන ඒමටය ආණුඩු මේ වෙනුවෙන් කොතරම් වැඩපිළිවෙළ සැකසුවද සැළසුම් ගෙන ආවද එය සාර්ථක කළ හැක්කේ මෙරට ගුරු පර පුරටය .මෙය නිසි ලෙස ඉටුකළහොත් නොපෙනෙන දෙවිවරුන් සොයා දෙමාපියන් නොයනු ඇත. ඔවුන් ගුරු දෙවිවරුන් සදා පුදනු ඇත.

නව අදහස දක්වන්න