ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට | දිනමිණ

ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

සැත්කමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ, උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වය මත බන්ධනාගාර රෝහලට මාරුකර යෑවූ බවයි.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 06කින් ගෙවිය යුතු බවට පසුගියදා නියම කළේය.

ඉකුත් 2016 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසාත්මක අයුරින් හැසිරුණු බවට චෝදනා මත එළෙස බන්ධනාගාර ගත කෙරිණ.

අදහස් 1ක් ඇත

Moda sinhalayanta disciplines netha.. Mun wage moda harak ape rate nama kethakara hamarai. Mun wage rassawak nokarana agama wikunagena kana gobbayo innakam modayinta jolly etha..

නව අදහස දක්වන්න