ටෙනිස් තරඟාවලිය මැද සුරූපී ක්‍රීඩිකාව කල දේ - VIDEO | දිනමිණ

ටෙනිස් තරඟාවලිය මැද සුරූපී ක්‍රීඩිකාව කල දේ - VIDEO

ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය අතරතුර ක්‍රීඩිකාවක් ඇඳ සිටි ඇඳුම ගලවා ඉවත්කරන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී ප්‍රංශ ජාතික ක්‍රීඩිකා Alize Cornet විසින් තමන් ඇඳ සිටි උඩුකය ඇඳුමයි මෙලෙස ගලවා නැවත ඇඳගන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ තරඟයේ ප්‍රධාන විනිසුරුවරයා පවසන්නේ මෙය ක්‍රීඩා ආචාරධර්මවලට පටහැනි බව සදහන් කල අතර පසුව බොහෝදෙනෙකුගේ අවධානය එම අවස්ථාව වෙත යොමුව ඇත.

මේ අතර ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය සංවිධායකයන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඇයට දැඩිලෙස අවවාද කළ බවයි.

ඔවුන් පවසන්නේ ක්‍රීඩිකාවකට එවැනි ක්‍රියාවක් නුසුදුසු බවයි.

කෙසේ වෙතත්, විවිධ පාර්ශව වෙනස්ම ආකාරයේ විවේචනයන් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් වූ අතර එවැනි පිරිස් පෙන්වාදී ඇත්තේ මෙම කාලවකවානුවේ නිව්යෝක් හි පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් මෙවැනි සිද්ධීන් සාමාන්‍ය බවයි.

 

නව අදහස දක්වන්න