ගලහ දී මිය ගිය දරුවාගේ දේහය මිහිදන් කෙරේ | දිනමිණ

ගලහ දී මිය ගිය දරුවාගේ දේහය මිහිදන් කෙරේ

මීමැස්මොර රෝගී තත්ත්වක් හේතුවෙන් ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගිය දරුවාගේ දේහය අද පස්වරුවේ දෙල්තොටවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මියගිය දරුවාගේ දේහය ඊයේ පස්වරුවේ නිවස වෙත රැගෙන පැමිණියේ පොලිසියේ මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකායේද ආරක්ෂාව මධ්‍යයේය.

අවුරුදු එකහමාරක් වයසැති ශංකර් දුෂාන්තන් නමැති දරුවා මීමැස්මොරය රෝගී තත්ත්වය හේතුවෙන් ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයාමේ සිද්ධිය මුල්කරගනිමින් පසුගියදා රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය.

අදහස් 1ක් ඇත

Memasmoraya nowa una wadiweema nisaa athiwu ana walippuwa

නව අදහස දක්වන්න