වසරේ ව්‍යව­සා­යි­කාව රොහාන්ති | දිනමිණ

වසරේ ව්‍යව­සා­යි­කාව රොහාන්ති

Quebee Den සමාගමේ නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරිනී රොහාන්ති විජේවික්‍රම ‘වසරේ ව්‍යවසායිකාව’ සම්මාන උළෙලෙහිදී කුඩා පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. ‘වසරේ ව්‍යවසායිකාව’ යනු ලෝකයේ වෙනසක් ඇති කිරීමට වෑයම් දරන විශිෂ්ට ව්‍යවසායිකාවන් ඇගයීම පිණිස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයෙන් දෙවසරකට වරක් පවත්වන විශේෂ සම්මාන ප්‍රදානෝත්සවයක් වේ. කාන්තා ව්‍යාපාරික ප්‍රජාව දිරිගැන්වීමටත්, ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට සහය දෙමින් අනෙක් කාන්තාවන්ට ද අනුගමනය කළ හැකි ව්‍යාපාර යහ පරිච ඇති කිරීමටත් මෙම සම්මාන උළෙල හේතු වී තිබේ.

Quebee Den යන නමින් ඇය විසින් ආරම්භ කළ, පවුලේ සියළුදෙනාගේ පරිභෝජනයට උචිත භාණ්ඩ නිපැයුම් ව්‍යාපාරය හරහා ලබාගත් සාර්ථකත්වය හේතුවෙන් සුපතළ පිළිගැනීමක් ලබා ඇති රොහාන්ති තම ව්‍යාපාරික දිවිය තුළ මෙතෙක් ලබාගත් බොහෝ ජයග්‍රහණ අතරේ නවතම හා ප්‍රමුඛතම ස්ථානය මෙම සම්මානයට හිමි වේ. ඇමරිකාවේ සහ ඉන්දියාවේ හවුල්කාරීත්වයෙන් සංවිධානය කළ අටවන ගෝලීය ව්‍යවසායකත්ව සමුළුව නියෝජනය කිරීම, 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ පුද්ගලයින් වශයෙන් සම්මානලත් අය අතරට තේරීම; ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙන් සංවිධානය කළ සම්මාන ප්‍රදානෝත්සවවලදී 2017 වර්ෂයේ කාර්මික හා නිෂ්පාදන අංශයෙන් බස්නාහිර පළාතේ හොඳම ව්‍යවසායක වශයෙන් සම්මාන ලැබීම හා 2016 වර්ෂයේ හොඳම ව්‍යවසායක සම්මනය ලැබීම යනාදිය ගෙවීගිය වර්ෂ කිහිපය තුළ රොෂාන්ති ලැබූ ජයග්‍රහණ අතර කැපී පෙනේ.

නව අදහස දක්වන්න